ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ වසර 5ක සිර දඬුවම

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  1997 වසරේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් දිසානායක ඇතුළු විත්තිකරුවන් 6දෙනෙකුට රත්නපුර මහාධිකරණය මඟින් පැන වූ බරපතළ වැඩසහිත වසර 5ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇත .

මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා  සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇත.

නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව රත්නපුර ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී වෙළෙඳසැලකට ගිනි තැබූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම විත්තිකරුවන්ට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

එම නඩුවෙන් වරදකරුවන් කෙරුණු විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය විසින් 2007 වසරේදී බරපතළ වැඩසහිත වසර 5ක සිරදඬුවම් නියම කළ අතර , එම දඬුවම අහෝසිකර තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් හය දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි .

එය විභාග කළ අභියාචනාධිකරණය එම ඇපෑල නිෂ්ප්‍රභ කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එයද නිෂ්ප්‍රභ කළේය .

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණේ  , රත්නපුර මහාධිකරණය විසින් පනවන ලද සිරදඬුවම අද (27) දින සිට  ක්‍රියාත්මක විය යුතු බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...