*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/30

  1. දැනටමත් රැස්කර ඇති සේවක අර්ථසාධක අරමුදලේ (EPF) මුදල්වලට අතතැබීමක් සිදුනොකරන බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහතික වෙයි: සේවක අර්ථසාධක අරමුදල සඳහා 9% ක අවම පොලියක් අයකරන බවට එහි සාමාජිකයන්ට “සහතිකවන” බව පවසයි: 2022 වර්ෂයේ සේවක අර්ථසාධක අරමුදලේ 29% පමණ විය හැකි ඉපැයුම්වලින් සේවක අර්ථසාධක අරමුදලේ කලමනාකාරීත්වය විසින් බැරකර තිබෙන්නේ 9% පමණක් වන අතර, මේ මත රු. බිලියන 600 ක මුදලක් අහිමි වී ඇති බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති: සේවක අර්ථසාධක අරමුදලේ කලමනාකාරීත්වය විසින් 9% ක පොලියක් අයකරන බව පැවසුව ද, මෙම වසර තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් අවම වශයෙන් 20% වත් ඉපයිය යුතුව ඇති බව ද අවධාරණය කරති.
  2. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ, 2024 වන තුරු 12.4% ක, 2026 වන තුරු 7.5% ක, සහ කල්පිරෙන තුරු 5% ක නව පොලී අනුපාත යටතේ මහ බැංකුව විසින් සන්තකයේ තබාගත් භාණ්ඩාගාර බිල්පත් පමණක් භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: මේ අනුව, මෑත දින මෙරට භාණ්ඩාගාර බිල්පත් මත “hot-money” ආකාරයේ ආයෝජන සිදුකොට දැවැන්ත ප්‍රතිලාභ ඉපයූ ආයෝජකයන් ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී සිදුවන පාඩුවලට මුහුණ නොදෙනු ඇති බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති: “hot-money” ආයෝජකයන් එසේ බේරුන ද, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට මෙමඟින් දැවැන්ත පාඩු අත්විඳීමට සිදුව තිබේ.
  3. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිළිබඳ රජයේ යෝජනාවට සමඟි ජන බලවේගය විසින් විරුද්ධව ඡන්දය භාවිතා කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි: දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධ බොහෝ ගැටළු මේ වන විට විසඳාගෙන ඇති බැවින්, යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේ වැඩසටහනට අදාළ පාර්ලිමේන්තු විවාදය එක් දිනක් තුළ පවත්වා අවසන් කරන බවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක සාගල රත්නායක පවසයි.
  4. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිධුරයට ද, හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිධුරයට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පත්වීම් ලබති.
  5. මෙම වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොමැති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
  6. මෙම වසරේ අප්‍රේල්වල තම සීමාවාසික පුහුණුව අවසන්කළ වෛද්‍ය උපාධිධාරීන් 1,400 කින් 300ක් ම වෛද්‍යවරුන් ලෙස පත්වීම් ලබා නොමැති පසුබිමක් තුළ මෙරට සෞඛ්‍ය අංශය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි: වෛද්‍ය නිලධාරීන් 18,600 කින් 1,500 – 1,700 පමණ තම රැකියා අත්හැර ගොස් ඇති අතර, එළඹෙන මාසය තුළ වෛද්‍යවරුන් 748 ක් විශ්‍රාම යාමට නියමිතව ඇති බව ද පවසයි.
  7. ඉකුත් වසරට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ සංචාරක පැමිණීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි: 2023 ජනවාරි 01 – ජූනි 26 කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 608,489 කි: 2022 වසරේ මෙරටට පැමිණ තිබෙන්නේ සංචාරකයන් 719,978 පමණි.
  8. මහජන සෞඛ්‍යයට අදාළ තීරණ ගැනීමේදී වෛද්‍ය විද්‍යාවේ ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ මහාචාර්යවරුන් සහ විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ යුතුව ඇති බව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි: ගත වූ මාස කිහිපය තුළ, ඖෂධවේදයට අදාළ මහාචාර්යවරුන් අධිකාරියට පත්කොට නොමැති බව අනාවරණය කරයි.
  9. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර ඇති අතර, ඔහු 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
  10. ආබාධයකට ලක්වීම හේතුවෙන්, සුපිරි හය වටයේ (Super Six Round) තරඟ සඳහා තේරීමට නොහැකිව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan