ඡන්දෙන් ආවට වැඩ කරද්දි අපි බලන්නෙ සුදුසුකම – බැඩ්මින්ටන් උප සභාපති රොෂාන් ගුණවර්ධන

Date:

බැඩ්මින්ටන් සංගමය නිලවරණයකින් බලයට පැමිණි එකක් නමුත් වැඩ කරද්දී අවධානය යොමු කරන්නේ බැඩ්මින්ටන් ක්‍රිඩාවේ සුදුස්සාට සුදුසු තැන දීමට යැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපති ලෙස සම්මේලනයේ ප්‍රාදේශිය සංවර්ධන කටයුතු භාරව කටයුතු කරන රොෂාන් ගුණවර්ධන පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අවුරුදු 13 න් පහළ පුහුණු සංචිත ආරම්භ කිරීමේ වැඩ සටහනේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් ප්‍රකාශ කළා.

දැනටමත් දිවයිනේ සැම දිස්ත්‍රික්කයක් පුරාම අවුරුදු 13 න් පහළ සංචිත ආරම්භ වෙමින් පවතින බව පැවසූ රොෂාන් ගුණවර්ධන මෙවැනි සංචිත වසර දෙකක් පුරා පුළුල් පහසුකම් දෙමින් පවත්වා ගෙන යාම අරමුණ බව පෙන්වා දුන්නේය.මෙහිදී අට දෙනෙක් දක්ෂතා මත තෝරා ගන්නා බවත් එය කරන ක්‍රමවේදය විනිවිද පෙනෙන ආකාරයෙන් කරන හැටි සෑම දරුවෙකුගේම මව්පියන් ද සහභාගි කරගෙන ඇති වට්ස්ඇප් පණිවිඩ ජාලයට දැණුම් දෙන බවද උප සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
දැනට දකුණු පළාතේ ක්‍රියාත්මක වන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේද බැඩිමින්ටන් ක්‍රීඩාව උසස් තලයකින් ක්‍රියාවට නැඟෙන බැවින් ප්‍රධාන සංචිතයට අමතරව තවත් සංචිතයක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව පැවසූ රොෂාන් ගුණවර්ධන දිවයිනේ පැවත්වෙන සියලු තරගාවලි සඳහා පුහුණු සංචිතයෙන් හදුනාගන්නා අට දෙනා ඉදිරිපත් කිරීමේ සැළසුමක් ද සකස් කර ඇති බව පෙන්වා දුන්නේය.එහිදී දෙමව්පියන් මත බර නොවැටෙන විදිහට දෙමව්පියන් අතරින් කෙනෙක්ම එක එක තරගාවලිය සම්බන්ධයෙන් තෝරා භාරකාර්තවය පවරා මේ සහභාගීත්වය සිදු කිරීම අපේක්ෂාව බව ද උප සභාපතිවරයා පෙන්වා දුන්නේය.එම තේරාගන්නා සියලුම ක්‍රීඩකයින්ට බැඩ්මින්ටන් සංගමය මැදිහත්ව සියලු ක්‍රීඩා උපකරණ ලබා දෙන බවද රොෂාන් ගුණවර්ධන උප සභාපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

සමහර දිස්ත්‍රික්කයන්හී මේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම පිණිස සහ දක්ෂයන් හදුනාගෙන ජාතික සහ ජාත්‍යන්තර අවස්ථා ලබා දීම ඉලක්ක කරගෙන කරගෙන යනු ලබන ක්‍රියාවලියට සහයෝගය නොදෙන අය ද දැකගන්නට ඇති බව පෙනෙන්නට තිබෙන බව කී උප සභපතිවරයා දක්ෂයන්ගේ අනාගතය වෙනුවෙන් කරන මේ කාර්යයට රටේ බැඩ්මින්ටන් ඉහළ නැංවීම ගැන සිතා සහය දෙන මෙන් සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය.ඔහු මේ ගැන සඳහන් කරමින් මේ ජාතික බැඩ්මින්ටන් පරිපාලනය කරගෙන යනු ලබන දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩවලදී ඇතැම් පුහුණුකරුවන් තමන් යටතේ පුහුණුවන දක්ෂ දරුවන් සංචිත කරා යොමු නොකරන අවස්ථා තිබෙන බවද පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික් සම්මේලන සඳහා සෘජුව ජාතික සම්මේලනය සමඟ කටයුතු කළ මැකි මාර්ගයක් ද සකස් කරමින් කරගෙන යන මේ 13 න් පහළ සංචිත සඳහා සියලු පහසුකම් දෙන්නට එකඟ වෙමින් සහ ඊට අවශ්‍යය සියලු සහය ලබා දෙන බැඩිමින්ටන් සම්මේලනයේ සභාපති රොහාන් ද සිල්වා මෙන්ම විධායක කමිටුවේ එකඟතාවය සහ සහයෝගය ද රොෂාන් ගුණවර්ධනගේ ප්‍රශංසාවට ලක් විය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...