*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ආන්ද්‍රා මහ ඇමති හමුවෙයි!

කොළඹ (LNW): ආන්ද්‍ර ප්‍රදේශයේ  ප්‍රධාන අමාත්‍ය ජගන්මෝහන් රෙඩ්ඩි මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවී දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උක් හා මිරිස් ගොවිතැන් සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කළේය.

BOI ඇඟලුම් උද්‍යානය සහ ත්‍රිකුණාමල වරායේ කර්මාන්තපුරයක් පිහිටුවීමට ආයෝජකයින් දිරිමත් කරන ලෙස සෙන්දිල් තොණ්ඩමාන් මහතා ආන්ද්‍රා ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකික වයස්ගත බැතිමතුන් ගේ වයෝවෘද්ධභාවය හේතුවෙන් ශ්‍රී ලංකා බැතිමතුන්ට තිරුපති වෙත යාමට නොහැකි වී ඇත. ඔවුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ තිරුපති තිරුමාලා සඳහා කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් විය. මෙම ඉල්ලීමට ප්‍රධාන අමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණි. මෙම රැස්වීමේදී ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් තිරුපති පෙරුමාල් ස්වාමිගේ ප්‍රතිමාවක් සෙන්තිල් තොණ්ඩමාන් මහතා වෙත පිරිනැමීය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය තානාපති ආචාර්ය වෙන්කේෂ් මහතා සහ ශ්‍රී ලංකා නිලධාරීන් සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan