කඩිමුඩියේ ගෙනෙන පනත් වලින් ඵලක් නැහැ. දේශීය සහ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍ර දෙකම රැකගත යුතුයි – සජිත්

Date:

වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්, ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැලපෙන පරිදි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා ඇතුලු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම සහ නිසියාකාරව තත්ත්වය තේරුම් ගැනීම බව පැවසූ විපක්ෂ නායකවරයා ,දැනට ඉදිරිපත් කරන්නට සූදානම්ව තියන පනත ද ඒ පාර්ශ්වයන් වහාම වහාම කියවා අවබෝධ කරගත යුතු යැයි ද පෙන්වා දුන්නේය.

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (04) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දමයි!

කොළඹ LNW:ආරම්භ කිරීමට නියමිතව තිබූ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන...

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...