*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/09

01. යටත් විජිත සමයේ කොල්ලකන ලද වස්තූන් 478 ක් ඉන්දුනීසියාවට සහ ශ්‍රී ලංකාවට ආපසු ලබා දෙන බව නෙදර්ලන්ත රජය පවසයි: ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව සහ නයිජීරියාව විසින් අවස්ථා ගණනාවකදී ම සිදුකරන ලද ඉල්ලීම්වලින් අනතුරුව, ඉන්දුනීසියාවේ ලොම්බොක් හි වස්තූන් 335 කින් සමන්විත “ලොම්බොක් නිධානය”, ඉන්දුනීසියාවේ බාලි නුවර නූතන කලා එකතුවක් වූ “පිට මහා එකතුව”, සහ 18 වන සියවසේ ශ්‍රී ලංකාවෙන් රැගෙන යන ලද ලෝකඩ, රිදී, රත්රන් සහ මැණික් එබ්බවූ චාරිත්‍රානුකූල ආයුධයක් වූ “නුවර කාලතුවක්කුව” ඇතුළු වස්තූන් ආපසු ඒවාහි මුල් හිමිකාර රටවල්වලට ලබා දීමට නියමිත බව නෙදර්ලන්ත සංස්කෘතික හා මාධ්‍ය ලේකම් ගුනේ උස්ලු තහවුරු කරයි.

02. 1953 වසරේ බිහිවූ හර්තාල් ව්‍යාපාරයෙන් අනතුරුව නූතන ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ජනතා නැඟිටීම මෙන්ම පළමු වරට ජනාධිපතිවරයකු ධුරයෙන් පහ කර දැමීමට හේතු වූ “අරගලයට” වසරක් සපිරේ: හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට ඉල්ලා අස්වන මෙන් බල කරමින්, 2022 ජූලි 09 වන දින දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ඒකරාශී වූහ: එදින විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අත්පත් කර ගත්හ.

03. නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ හමුවක් අද පැවැත්වෙන බව රජයේ ආරංචිමාර්ග පවසයි: මේ අතර, ජනාධිපතිවරයා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබාදිය යුතු ද, නැතිනම් වැඩබලන පොලිස්පතිවරයකු පත්කළ යුතු ද යන්න සලකා බලමින් සිටින බවට ද වාර්තා පළවේ.

04. 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ තවත් චූදිතයන් කිහිප දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ කාලසීමාව එළඹෙන ජූලි 12 වන දිනෙන් අවසන් වේ: මෙහිදී වින්දිතයන්ට තම පෞද්ගලික මුදලින් රු. මිලියන 100 ක මුදලක් ගෙවන මෙන් හිටපු ජනාධිපතිවරයාට ද, රු. මිලියන 75 බැගින් ගෙවන මෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ද, රු. මිලියන 50 ක මුදලක් ගෙවන මෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ද, රු. මිලියන 10 ක මුදලක් ගෙවන මෙන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර තිබේ.

05. බෝමිරිය ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුවක් සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරයි: සැකකරුවන් ජූලි 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි: එදිනම එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට ද නියමිත ය: මෙම සිදුවීම දැක්වෙන බවට කියවෙන වීඩියෝපටයක් සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැරීමෙන් අනතුරුව බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳව යොමුවිය.   

06. තමා විසින් සමාජ ක්‍රියාකරුවකුට අසැබි වචනයෙන් බැනවදින බවට හැඟවෙන හඬපටයක් සමාජ මාධ්‍යවල සැරිසරන බව පවසමින් එම හඬපටය ඉවත් කර දැමීමට කටයුතු කරන මෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පොලීසියේ සයිබර් අපරාද විමර්ශන කොට්ඨාශයෙන් ඉල්ලීමක් කරයි: රාජ්‍ය අමාත්‍යවරිය සහ ශාන් ගනේගොඩ නම් සමාජ ක්‍රියාකරුවා අතර සිදුවන්නේ යැයි කියන දුරකතන සංවාදයක් අදාළ හඬපටයේ දැක්වෙන අතර, එහි දී රාජ්‍ය අමාත්‍යවරිය කෝපාවිෂ්ට වී ඔහුට අසැබි වචනයෙන් බැනවදින අයුරු දැක්වෙන බවට කියවේ.

07. ඉකුත් වසරේ, පෙර නොවූ විරූ පරිදි මතු වූ ආර්ථික අර්බුදය හමුවේ “ලේ වැගිරීමක්” සිදුවීමට ඉඩ නොදී ශ්‍රී ලංකාව බේරාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන ශ්‍රී ලංකාවේ “විශ්වාසනීය මිතුරා” වන ඉන්දියාවට සිය කෘතඥතාව පළ කරයි: නවදිල්ලිය මෙන් එකඳු රාජ්‍යයක් හෝ කොළඹට එවැනි සහයෝගයක් ලබා නොදුන් බව ද පවසයි.

08. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1,100 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට ඉදිරිපත් වී ඇති බව එම සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන පවසයි; කෙසේ වෙතත්, ඔවුනට වන්දි ලෙස ලබා දීමට රු. බිලියන 2.6ක් අවශ්‍ය බව ද පවසයි; ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට බලාපොරොත්තු වන සේවකයන්ට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද අනාවරණය කරයි.

09. මෙම වසරේ පුද්ගලයන් 300,000 පමණ විදෙස් රැකියා බලා පිටත්ව යාම සඳහා ලියාපදිංචි වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පවසයි: 2023 පළමු අර්ධය තුළ පුද්ගලයන් 150,000 කට අධික පිරිසක් කාර්යාංශයේ ලියාපදිංචි වී දිවයින හැරගොස් ඇති බව අනාවරණය කරයි: ඔවුන් වැඩි වශයෙන්ම සංක්‍රමණය කිරීමට නැඹුරු කුවේට්, කටාර්, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැමති රටවල් 04ට බව ද පවසයි: තවත් ශ්‍රී ලාංකිකයන් දිවයින හැර යෑමේ නැඹුරුතාවයක් පවතින බව ද පවසයි.

10. මහ බැංකුව විසින් අඛණ්ඩව දෙවන මාසය සඳහා සිය ප්‍රතිපත්ති අනුපාතිකය 12% සිට 11% දක්වා අඩු කළ ද, තවත් අනුපාත අඩු කිරීම් සිදුවනු ඇති බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි: ශ්‍රී ලංකාවට “ඉදිරි දැක්ම මත පදනම් වූ උද්ධමනය (forward-looking inflation) හා ඉදිරි දැක්ම මත පදනම් වූ නිමැවුම් පරතරය (forward looking output gap) මත තවදුරටත් පොලී අනුපාත අඩු කිරීම අවශ්‍ය” බව පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan