එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර අධිකරණයට මාරු කිරීමට නෞකා සමාගම එකඟතාව පළ කර තිබේ. කොන්දේසිවලින් තොර ගිවිසුමක් යටතේ එය සිදුකිරීමට එකඟතාව පළ කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී , ශ්‍රී ලංකා රජය වන්දි ඉල්ලා සිංගප්පූරුවේ පැනවූ නඩුවේ ලිපි ලේඛන, නෞකා සමාගමේ නීතිඥවරුන් වෙත ලබාදෙන්නැයි සිංගප්පූරු අධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගයට අනුව ලබන 14 වැනිදා අදාළ ලිපි ලේඛන ලබාදිය යුතු වන අතර , වන්දි මුදල සීමා කරමින් ලන්ඩන් අධිකරණය පැනවූ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලක් රජයට එරෙහිව ලන්ඩන් අධිකරණයෙන් කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ,

තවද , දින දෙකක සාකච්ඡා සඳහා එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කෙරුණු විශේෂ කණ්ඩායමේ නියෝජිතයින් ලබන 17 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...