කථානායකගේ බංකොලොත් කමිටුවෙන් විපක්ෂයත් ඉවත්වෙයි!

Date:

කොළඹ LNW:රට තුළ සිදුව තිබෙන මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බලා කරුණු වාර්තා කිරීමටත් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටත් කථානායකවරාය පත් කළ කමිටුවෙන් විපක්ෂ මන්ත්‍රීවරු ඉවත්වීමට විපක්ෂයේ විධායක සභාව තීරණයක් ගත් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ විධායක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වී එම කමිටුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමටත් ඉන් ඉවත් වීමටත් තීරණය කර තිබේ.

රට බංකොලොත් කිරීමට දායක වූ කණ්ඩායමේ කෙනෙක්ගේ සභාපතිත්වයෙන් සහ එම කණ්ඩායමේ මන්ත්‍රීවරු රැසකගෙන් යුතු කමිටුවකින් සාධාරණ වාර්තාවක් බලාපොරොත්තු විය නොහැකි අතර මෙය හොරාගේ අම්මගෙන් පේන අහනවා වැනි වැඩක් බවටයි අත්තනායක මහතා කියා සිටියේ.

”රට බංකොලොත් කරපු කණ්ඩායමේ සාමාජිකයෙක් මේ කමිටුවේ සභාපති කරමින් එහි සාමාජිකයින් වශයෙන් ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටු සාමාජිකයින් ගණනාවක් පත්කරමින් කථානායකතුමා කරලා තියෙන විහිළුව මොකක්ද කියල අපි ප්‍රශ්න කරන්නේ. සාගර කාරියවසම් කියන්නේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා ඒ ලේකම් හරහා මේ රටේ බංකොලොත්භාවය හොයල බලන්න කිව්වම නිසි වාර්තාවක් ලැබේවිද? ඒක අපි අහන්න ඕනේ. මේක හරියට පරණ කතාවක් තියෙනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියල. මේකත් ඒවගේ. මේ කමිටුවෙන් කිසිදු ආකාරයක සාධාරණයක් ඉටුවීම හෝ විනිවිදභාවයකින් ක්‍රියාකිරීම හෝ සිදුවෙන්නේ නැහැ කියන කාරණය සමඟි ජන බලවේගයේ ස්ථාවරය බවට මම ප්‍රකාශ කරනවා. විපක්ෂයේ විධයක සභාව පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා. එහිදී තීරණය කළා මේ කාරක සභාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න සහ එයින් ඉවත් වෙන්න තීරණය කළා. දෙක තමයි මේ වෙනුවට විකල්පයක් හඳුන්වා දෙන්නත් අපි හිතුවා. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ 225 නියෝජනය වන පරිදි කාට හෝ මෙයට ඇතුල් වීමට කැමති නම් ඒ අයටත් අවස්ථාව දෙමින් වෙනම කාරක සභාවක් පත් කිරීමට තීරණය කළා. රට බංකොලොත් කිරීමට වගකිවයුතු දේශපාලකයින්,රාජ්‍ය නිලධාරීන් ඊට අනුබල දුන් කණ්ඩායම් සම්බන්ධ තොරතුරු සහිත වාර්තාවක් ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම කමිටුවට රටේ ඕනෑම කෙනෙකුට තොරතුරු දිය හැකියි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම කමිටුවෙන් ඉවත් වන බවට මුලින්ම කථානායකවරයාට දැනුම් දී තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...