ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් පවත්වනවා – ෂෙහාන් සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): IMF සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවත් , මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බවත් ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ,

“අපි සැප්තැම්බර් මාසය වෙද්දි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළවෙනි සාමාලෝචනයට මුහුණදෙන්න තියෙනවා. එතැනදි අපි දේශීය ණය ප්‍රසස්තකරණ වැඩසටහන අවසන් කිරීමත් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමත් අපි විදේශීය ණයහිමියන් සමග ඇතිකර ගත් එකඟතා කොතෙක් දුරට සම්පූර්ණ කරලා තියෙනවා ද කියන කාරණාවත් වැදගත් වෙනවා. ඒ නිසා පළමු සමීක්ෂණය සිදුවන තෙක් දැනට සිදුවෙලා තියෙන ප්‍රතිසංස්කරණ කිසිවක් අපිට ආපස්සට හරවන්න බෑ. ඉදිරියේ දී වුණත් අපිට අලුතින් වෙනස්කම් කරන්න පුළුවන් ද කියන එක හිතන්න පුළුවන් වෙන්නේ අපේ කොතෙක් දුරට ආර්ථික ශක්තිමත් වෙලාද කියන කාරණය තුළ. කෙටි කාලීනව ආර්ථිකය ශක්තිමත් වීම දීර්ඝ කාලීනව සිදුවුණ ශක්තිමත් වීමක් ලෙස සැලකීමක් මේ මොහොතේ සිදුකළ යුතුව නෑ. දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගිලා තියෙනවා. ආර්ථික ස්ථාවරත්වයට ගොඩනැගීමට අවශ්‍ය පසුබිම හැදිලා ගොඩනැගීම පෙන්නුම් කරලා තියෙනවා. මේ වසර අග වෙද්දි මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්න අපට පුළුවන්.”

ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , ලබන පාර්ලිමේන්තු සතියේදී දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...