චමෝදිගේ ජීවිතය බිලිගත්තේ එන්නතද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලබාදුන් එන්නතකින් පසුව තම දියණිය මියගිය බවත් , ඇයට  එන්නත ලබාදීමට පෙර කිසිදු මරණීය අසනීපයක් නොතිබුණු බවත් පේරාදෙණිය මහ රෝහලේ දී  ජීවිතක්ෂයට පත්වු තරුණියගේ  මව චෝදනා කරයි.

බඩේ අජීරණ තත්ත්වයකින් පෙළුණු 21 හැවිරිදි චමොදි සංදීපනි, පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. පසුගිය දා කොටලිගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහල වෙත මාරු කර එවා තිබුණි.


පසුව සිදුකළ ප්‍රතිකාරවලදී ඇයට ලබාදුන් එන්නතකින්  රෝගී තත්ත්වය උත්සන්න වූ බවත් පසුව ඇයගේ ශරීරය නිල්පැහැ වූ බවත් චමොදිගේ මව පවසයි

“මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ වෙන්න එනවා කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට. ළමයා සින්ක් එකේ ඔළුව තියාගත්තා. ඔක්කෝම නිල් වෙලා, අතපය නිල් වෙලා මගේ ළමයා කඩාගෙන වැටුණා. මම කෑ ගහද්දි මිසීලා ඇවිත් මගේ ළමයව වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා මොනවද මගේ ළමයට විද්දේ කියලා? මට අද මගේ කෙල්ල නෑ. මට එක කෙල්ලයි ඉන්නේ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ.”

තරුණියගෙන් මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත්,  එම මරණය  සිදුවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත පේරාදෙණිය රෝහල සහ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...