සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුම්ගත වේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්  ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහාවූ ගිවිසුමට අද (14) අත්සන් තබා ඇත .

සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති අතර , මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ඉන්ධන අලෙවිසැල් 150ක් සම්බන්ධ වෙයි.

මීට අමතරව නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කරන අතර , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී ඇත .සයිනොපෙක් විසින් ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල්, 500 PPM ඩීසල් ඇතුළු විවිධ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කරනු ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...