සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවය.
ඔහු නිලධාරීන්ට දැනුම්දී තිබෙන්නේ , දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසයි .
ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර ඇත්තේ , දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි . එසේ කිරීමෙන් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??