බැසිල්ගේ මහනුවර දිස්ත්‍රික් පොහොට්ටු රැස්වීමට ප්‍රබලයින් තුන් දෙනෙකුම ඇවිත් නෑ !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානීන් කැඳවමින් පැවති විශේෂ රැස්වීමකට පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රබලයින් තිදෙනෙකුම පැමිණ නොමැති බව වාර්තා වේ.

එම විශේෂ රැස්වීම පසුගිය 12 වනදා පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රබලයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදී පවත්වා ඇති අතර ඊට නියෝජිතයින් කැඳවා තිබී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා විසිනි.

කෙසේවෙතත් කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් රාජ්‍ය අමාත්‍යවරුන් වන දිළුම් අමුණුගම සහ අනුරාධ ජයරත්නත් මෙම රැස්වීම වර්ජනය කර ඇති බව සඳහන්.

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පැවැත්වී ඇති අතර ඉහත කී අමාත්‍යවරුන් ඊට සහභාගී නොවීම මත ලබන 18 වනදා නැවතත් කොළඹ පක්ෂ මූලස්ථානයේදී නැවත සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවත් වාර්තා විය.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...