දහස් ගණන් හෘද රෝග දරුවන් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රිප්වේ ආර්යා ළමා රෝහලට අදාළව හෘද සැත්කම් සඳහා ළමයින් 2000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසූවේ,  රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දිනකට හෘද සැත්කම් 05 බැගින් සිදුකිරීමට කටයුතු කරන බවත් , සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙහන් ඒ සඳහා කටයුතු කළද දැනට පවතින භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැත්කම් සංඛ්‍යාව වැඩිකිරීමට නොහැකි වී ඇති බවයි .

වෛද්‍ය ජී විජේසූරිය මහතා තවදුරටත් සඳහන් කළේ , මෙයට විසඳුමක් ලෙස මහල් 11කින් සමන්විත ළමා හෘද රෝග ඒකකයක් කොළඹ ළමා රෝහලේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර ඇති අතර , එහි වැඩකටයුතු ලබන වසර මැද නිම කිරීමට සැලසුම් කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...