*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ආදරය දිනන්නී,ආදරය බෙදන්නී අලුත් විම්බල්ඩන් රැජිණ වොන්ඩර්සෝවා

විම්බල්ඩන් සූරතාවය යනු ටෙනිස් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුගේ හෝ ක්‍රීඩිකාවකගේ සිහිනයකි.එය දිව්‍යමය වරප්‍රසාදයක් බඳුය.මේ වරප්‍රසාදය සමීපයට පැමිණ පෙනී පෙනී ඓතිහාසික ජයග්‍රහණයක දිව්‍යමය ස්පර්ශය දෙවරක්ම වැළකි ක්‍රීඩිකාවක බවට පත් වන්නට ලොව අංක හයට ශ්‍රේණිගතව සිටින්නී ටියුනීසියාවේ ඔන්ස් ජබේර් ට ඊයේ සිදු විය.28 හැවිරිද දේහධාරිණියගේ අත්දැකීම් දෙවන තැනට පත් කරමින් ජයගත්තේ,චෙකොස්ලොවේකියාවේ 24 හැවිරිදි මාර්කේටි වොන්ඩර්සෝවා ගේ ජව සම්පන්න යොවුන් ශක්තිය ය.වොන්ඩර්සෝවා වයසට සමාන වූ 24 වන ස්ථානය ශ්‍රේණිගත වීම ඇයගේ ටෙනිස් දිවියේ ඉහළම දක්ෂතාවය විය.මේ මොහොතේ ඇය සිටින්නේ 48 වැන්නියවය.

වොන්ඩර්සෝවා ඉතිහාසයට එක්වන්නේ විම්බල්ඩන් කිරුළට උරුමකම් කියූ ශ්‍රේණිගතය නොසිටි පළමු ක්‍රීඩිකාව ලෙසය.මේ නිසාම ඇය වුව ද ඒ ඓතිහාසික කාර්යය තමන් කරා ද යන වග අදහාගන්නට නොහැකි තත්ත්වයක පසුවන බව වොන්ඩර්සෝවාම පිළිගන්නීය.
මේ විශ්මය ඇයට කිරුළ පුද දෙන්නට රාජකීය කුටියේ සිට බැස ආ වේල්සයේ කුමරිය හෙවත් විලියම් කුමරුගේ ප්‍රියම්බිකාව වූ කැතරින් එළිසබෙත් මිඩ්ල්ටන්ටත් දැනී තිබිණ.ඇය වොන්ඩර්සෝවා ගේ ක්‍රීඩා කෞශල්‍යය ගැන පිනා ගිය සිත් ඇතිව ඇයට පැවසුවේ ඔබ විශිස්ඨයි දිගටම මේ ස්ථානය රැක ගන්නට හැකියාව තියෙනවා යනුවෙනි.

වොන්ඩර්සෝවා මීට පෙර විම්බල්ඩන් පිටියට පා තබා ඇත්තේ නරඹන්නියක ලෙසය.ඒ මොහොතේ ඇය සිය මිතුරියගේ තරග නරඹන්න පැමිණියා මිස ක්‍රීඩා කිරීමේ හැකියාවෙන් නොවුණාය.ඒ අතේ මැණික් කටුවේ ඇති වූ ආබාධයකට ප්‍රතිකාර ගනිමින් සිටි නිසාය.නමුත් ඇය 2019 වන විට ලොව අංක එකේ කණිෂ්ඨ ක්‍රීඩිකාව වී සිටියාය.එහෙත් ඇය පස්සට තල්ලු විය.ඉතාම ගැටවර වියේ සිටම ඇය වට කර සිටි ප්‍රේමය සමහර විට ඇයගේ නැගිටීමේ ආශිර්වාදය වන්නට ඇත.වොන්ඩර්සෝවා ඔලිම්පික් රිදී පදක්කම 2020 ජපානයේ ටෝකියෝ නුවරදී ගෙල පැළඳ ගනිද්දී 22 හැවිරිදි වියේදීම විවිහ ගිවිස ගත්තේය.ඇය ඉකුත් වසරේ තමා පිළිබඳව සංවේදී ඒ අපූරු සහකරු නීත්‍යානකූලව සිය ජිවිතයට එක් කර ගත්තේය.

ස්ටෙෆාන් සිමෙක් වොන්ඩර්සෝවාගේ ටෙනිස් ජිවිතය පීඩනයෙන් බලපෑම්වලින් තොරව තබා ගැනීමේ භාගය ය.ඒ නිසා ඇයට ජීවිතයේ ටෙනිස් නොවන සියලු දේ ගැන විශ්වාසය තැබිය හැකිය.ඒ සිමෙක් නිසාය.
“එයා අවසන් පූර්ව වටයට එන එකක් නැහැ.එයා ප්‍රාග් නුවර අපේ ගෙදර අපේ සුරතල් බළලා ෆ්‍රෑන්ක් බලාගෙන ඇති.”

වොන්ඩර්සෝවා සිමෙක් ගැන ඇසූ විට අර්ධ අවසන් පූර්ව තරග නිමාවේ දුන්නේ එවැනි පිළිතුරක්ය.එහෙත් ඔහු අවසන් තරගයට පැමිණ සිටියේය.ඒත් ඒ වොන්ඩර්සෝවාගේ අවධානය ඔහු වෙත නොඑන තරම් දුරින්ය.
“මං දැක්කා එයා දුර ඉදන් ජයග්‍රහණය ගැන කඳුළු සළනවා.ඒ එයාගේ හැටි.අපේ විවාහය දවසෙත් එයා හැඬුවා.”
ඒ ප්‍රේමය අවුරුදු 16 ක් ව තිබියදී වොන්ඩර්සෝවාට හමුවන අපූරු බැඳීමක්ය.මේ බැදීමේ ආශ්චර්යයක් සේ ම ෆැන්කි ද දැන් වොන්ඩර්සෝවාගේ රසිකයෝ දනිති.මේ බළල් සුරතලා වෙනුවෙන් වොන්ඩර්සෝවා දක්වන ආදරය දන්නා සිමෙක් වොන්ඩර්සෝවාගේ කාර්ය බහුල ටෙනිස් ජීවිතය ඇතුළ ෆ්‍රැන්කිට අතපසුවීමක් නොවන්නට බලා ගන්න කැප වෙන්නේය.

වොන්ඩර්සෝවා ෆ්‍රැන්කි ගැන ද විම්බල්ඩන් ජයෙන් පසුව කතා කරන්නීය.
“එයාට මේක මාළු කන්න ගෙනාපු අලුත් පිඟානක් වගෙ පේන්නත් පුළුවන්.”
වටිනාකම් වෙනස්ය.තමන්ට වටින අය තමන්ට වටිනා දේවල් ඒ විදිහටම පිළිගත යුතු නැත.වොන්ඩර්සෝවා ජීවත්වීමේ ආදරය කිරීමේ,ඉවසීමේ සියලු ගුණ සහිත ඒ ශ්‍රාස්ත්‍රය දන්නීය.වඩාත්ම වැදගත් ඇය විම්බල්ඩන් සූරිය වීමේ සූත්‍රය දැනගෙන සිටීමය.මුළු ටෙනිස් ලොවම දැන ඇය ගැන කතා කරන්නේ සහ බලා සිටින්නේ ඊ ළඟ පියවරේ ඇය ටෙනිස් ලොවට කරන බලපෑම විඳ ගැනීමේ නොතින් ආසාවෙන්ය.
“තරග කිහිපයක් දිනන්නයි මට ඕනි වුණේ.”

ශ්‍රේණිගත කිරීමේ 48 වැන්නිය ලෙස තරග කිරීමේදි ඊට වඩා දෙයක් බලාපොරොත්තුවීම අතිශ්‍යොක්තියක් වැනිය.ඒ නිසා ඒ ගැන පුදුම විය යුතු නැත.වයස 43 ක් වූ වීනස් විලියමිස් වැන්නන් ද තවමත් මේ දිව්‍යමය රස ස්පර්ශ කරන්නට කැමති නිසා අති විශාල අත්දැකීම් සමඟ විමිබල්ඩන් බලා එන්නේය.එහෙත් ජවය සහ තාක්ෂණය මුසු වූ අලුත් දවස්වල තරුණ ක්‍රිඩක ක්‍රීඩිකා‍වෝ ඔවුන්ව ආ පයින්ම ආපසු හරවා යවති.ඒ දැවන්ත ඛේදණිය වූ පරාජයන් ඔවුන්ගේ ඓතිහාසික ජයග්‍රහණ මත තවරමින්ය.

අත හරින්නට නොදත් මිනිස්සු බලහත්කාරයෙන් අල්ලාගන්න හදන තරුණ ශරීරවලට අලුත් ලෝකය ඉඩ නොදෙනු ඇත.විම්බල්ඩන් තරග පිටියේ බොහෝ සාක්ෂි මෙවර ඒ සඳහා හමුවිය.වීනස් එවැනි එක් සාක්ෂියක් පමණි.සමහර විට අද පස්වරුවේ මේ වන විටත් ලොව අංක එක දිනා සිටින ස්පාඤ්ඤයේ “ඊ ළඟ නඩාල්” වන කාර්ලෝස් අල්කරාස් ද ඒ බව සහතික කරනු ඇත.

කාන්තා විම්බල්ඩන් කිරුළ මුල් ශ්‍රේණියක නැති 48 වැන්නිය සතු කර ගනිමින් විප්ලවයක් කළද අද පිරිමි අවසන් තරගය ඊට ඉඳුරාම වෙනස්ය.සටන් වදින්නේ ලොව අංක එක සහ අංක දෙක වූ හොඳම ක්‍රීඩක දෙපළය.එහෙත් විම්බරල්ඩන් දිවයඹය ස්පර්ශය ජාකොවික්ගේ අත්දැකීම් වලට ද,අල්කරාස්ගේ ජවසම්පන්න භාවයට ද යන්න හරියටම උත්තරය දැන ගන්නට තව පැය කිහිපයක් බලා සිටින්නට සිඳුවනවා ඇත.1987 උපන් ජාකොවික් 2008 දී ඔහුගේ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතාවය අත් කර ගනිද්දී අල්කරාස් ට වයස අවුරුදු 5 කි.අද අල්කරාස් නම් සහශ්‍රයේ නිර්මාණය ගෙවුණ සියවසේ විශිෂ්ඨයාව යට කර දැමුවහොත් එය සියවසක් සියවසකට එරෙහිවීමක් වනු ඇත.

කුඩා කළම මව්පියන් තුරුළේ එකට හැදෙන්නට වරම් ඇයට අහිමි විය.දෙදෙනාගේම රැකවරණය ලැබුවත් ඇය සිටියේ මව් පියන් වෙන් වූ පවුලක දැරියක ලෙසින්ය.ඒ නිසා ඇයට සිමෙක්ගේ ආදරය මෙන්ම සුරතල් ෆ්‍රැන්කිගේ ආදරයද අතිශයින් වැදගත්ය.ඇය ආදරය ලබන්නීය.ආදරය බෙදන්නීය.ඒ ආදරයෙන්ම දිනන්නීය.දිනෙක ඒ අදාරය තවත් විශාල බව ඇය පෙන්වනු ඇත.විම්බල්ඩන් නම් වූ ටෙනිස් ක්‍රීඩාවේ රාජකීයත්වය සමීප කරන කිරුළ ඇයට ඒ පාරේ හමු වූ ස්වර්ණමය මතකයක් සේ ඉදිරියට යන්නට දිරිදෙනු සුබ පතනු ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan