ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී තරාකී ඩී. සිවරාම් මතක පොත මඩකලපුවේදී එළිදැක්වේ! (ඡායාරූප)

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී තරාකී ඩී. සිවරාම් සිහිපත් කරමින් මාධ්‍යවේදීන් සහ තීරු ලිපි රචකයින් රැසකගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක්එළිදැක්වීම ඊයේ (ජූලි 15) සවස මඩකලපුව YMCA ගොඩනැගිල්ලේදී සිදු විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සිවරාම් බිරිඳ වන භවානි සිවරාම් වෙත ග්‍රන්ථය පිළිගැන්වූ අතර එළිදැක්වීම සංවිධානය කර තිබුණේ නැඟෙනහිර මධ්‍ය සමාජයවිසිනි.

සිවරාම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ආන්දෝලනාත්මක දේශපාලන මාධ්‍යවේදියෙකු වූ අතර Tamilnet.com හි ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකි. 2005 වසරේ අප්‍රේල්28 වැනිදා බම්බලපිටිය පොලිසිය අසලදී සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පසුදා ඔහුගේ සිරුර සොයාගනුලැබුවේ හිඹුලාල ප්‍රදේශයේදීය. ඔහුගේ මරණය පහරදීම් සහ හිසට වෙඩි තැබීම් නිසා සිදු වූවකි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/579/BOOK-REMEMBERING-SLAIN-JOURNALIST-TARAKI-D-SIVARAM-LAUNCHED-IN-BATTICALOA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...