ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී තරාකී ඩී. සිවරාම් මතක පොත මඩකලපුවේදී එළිදැක්වේ! (ඡායාරූප)

Date:

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී තරාකී ඩී. සිවරාම් සිහිපත් කරමින් මාධ්‍යවේදීන් සහ තීරු ලිපි රචකයින් රැසකගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක්එළිදැක්වීම ඊයේ (ජූලි 15) සවස මඩකලපුව YMCA ගොඩනැගිල්ලේදී සිදු විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සිවරාම් බිරිඳ වන භවානි සිවරාම් වෙත ග්‍රන්ථය පිළිගැන්වූ අතර එළිදැක්වීම සංවිධානය කර තිබුණේ නැඟෙනහිර මධ්‍ය සමාජයවිසිනි.

සිවරාම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ ආන්දෝලනාත්මක දේශපාලන මාධ්‍යවේදියෙකු වූ අතර Tamilnet.com හි ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙකි. 2005 වසරේ අප්‍රේල්28 වැනිදා බම්බලපිටිය පොලිසිය අසලදී සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකු විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පසුදා ඔහුගේ සිරුර සොයාගනුලැබුවේ හිඹුලාල ප්‍රදේශයේදීය. ඔහුගේ මරණය පහරදීම් සහ හිසට වෙඩි තැබීම් නිසා සිදු වූවකි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/579/BOOK-REMEMBERING-SLAIN-JOURNALIST-TARAKI-D-SIVARAM-LAUNCHED-IN-BATTICALOA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු මාස 11ට මත්ද්‍රව්‍ය ටොන් 20ක් අත්අඩංගුවට!

කොළඹ LNW:ජනවාරි පළමු වෙනදා සිට මේ දක්වා ගෙවී ගිය...

සංචාරක කර්මාන්තය සුවිශේෂී සන්ධිස්ථානයකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ශ්‍රී ලංකාව ඊයේ...

ප්‍රීමා 18 වන වරටත් අනාගත තරු පිටියට ආලෝකය රැඟෙන එයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: 2025 ප්‍රීමා වයස අවුරුදු...

නැගෙනහිර යුක්රේනයට රුසියානු මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නැගෙනහිර යුක්රේන නගරයක්...