ඉදිරි දිනවල ශ්‍රී ලංකා බැඩිම්න්ටන්, රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස ප්‍රාදේශිය වශයෙන් ක්‍රීඩාවේ අරමුණ ඉටු කර ගැනීමටත්,ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩාවේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීමට පුහුණුකරුවන් ජාත්‍යන්තර තලයට උසස් කිරිම වෙනුවෙනුත් වැඩ සටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙහිදි ජාත්‍යන්තර බැඩිම්න්ටන් සම්මේලනයේ පළමු පංතියේ පුහුණු පාටමාලාව පුහුණුකරුවන් වෙනුවෙන් ජූලි 17 වන දා ආරම්භ කිරීමට නියමිතව ඇත.ජූලි 17 දා පෙරවරු 8.30 ට ආරම්භ වන මෙම පාඨමාලාව දඳහා සුදුසුකම් ලබා සිටින පුහුණුකරුවන්ට එම දැණුම ලබා දීම සඳහා ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයේ අනුමැතිය ඇතිව කටයුතු කරන්නේ පවිත්‍ර අබේගුණවර්ධනය.
එම පාඨමාලාව සඳහා මේ වන විට එම මට්ටමට උසස්ව සිටින බොහෝ පුහුණුකරුවන් සහභාගි වනු ඇතැයි ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය වෙනුවෙන් පුහුණුකරුවන්ගේ ගුණාත්මක භාවය වැඩි කිරීම ස දහා පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇති කමිටුවේ සභාපති වන බුද්ධික ද සිල්වා LNW වෙත අදහස් දක්වමින් පැවසීය.
එසේම දිස්ත්‍රික් හයක් සඳහා ප්‍රාදේශිය සංවර්ධන වැඩ පිළිවෙල වෙනුවෙන් පුහුණුකරුවන් සම්බනධීකරණ නිලධාරීන් එක් කර ගැනීම සදහා මේ වන විට ශ්‍රී ලංකා බැඩිමින්ටන් අයදුම්පත් කැඳවා ඇත.ජූලි 19 වන දිනට පෙර එම අයදුම් පත් සභාපති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව,ශ්‍රී ලංකා බැඩිමින්ටන්,මේට්ලන්ඩ් පෙදෙස,කොළම 7 යන ලිපිනයට යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍යය අයට ඒ වෙනුවෙන් (පාලිත) 0773 593780 සහ (සමන්) 0718 512341 යන දුරකතන අංක විවෘතව පවතී.
දැනට මෙම අවස්ථා උදා වී ඇත්තේ පුත්තලම,කලමුණේ,පොළොන්නරුව,අම්පාර,මඩකළපුව සහ ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්ක තුළය.ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මෙම කාර්ය මෙහෙයවන අතර සියලු ඉදිරිගාමී කටයුතු බැඩිම්න්ටන් සංගමයේ සභාපති රොහාන්ද සිල්වාගේ අනුග්‍රහ අධීක්ෂණය යටතේ ක්‍රියාවට නැංවේ.
සටහන – නිශ්මං රණසිංහ
