*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවේ උන්දැලාට අමතක වූ තිත්ත ඇත්ත!

බංකොලොත් බව ප්‍රකාශ කර වසරක් ගතවෙත්ම ශ්‍රී ලංකාව ප්‍රකෘතිමත් වූ ආකාරයට ගොඩ ඒමට ලෝකයේ බොහෝ රටවලට හැකිවී නැත. රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා ආශ්චර්‍යයමත් මාවතකට මේ රට ගෙන ගිය බව දක්නට තිබේ.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ උද්ධමනය 70% ඉක්ම වූ අතර අධි උද්ධමනය කරා ගමන් කරමින් ආර්ථිකය පහළ මට්ටමක පැවතිනි. වෙළෙඳපොළ පොලී අනුපාත 30% ක් පමණ වූ අතර පසුගිය වසරේ ආහාර හිඟයක් පිළිබඳ බියක් ද ඇති විය. ලංකාවට අත්වූයේ වෙනිසියුලාව සහ ලිබියාවට අත්වූ ඉරණමයි.

රටේ පැවති නායකත්වය මඟින් දැවැන්ත විනාශයක් මෙන්ම බංකොලොත්බාවයක් ඇතිවිණි. අප තවමත් කැලයෙන් එළියට පැමිණ විත් නැත, එහෙත්, ඉකුත් වසරට සාපේක්ෂව දැන් ආර්ථිකය ස්ථාවර වී තිබේ. උද්ධමනය ඉක්මනින්ම තනි ඉලක්කමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මහ බැංකුව මේ මස මුලදී ප්‍රතිපත්ති පොලී අනුපාත පදනම් ලකුණු 200කින් අඩු කළ අතර තවත් අඩු කිරීමක් ළඟදීම බලාපොරොත්තු විය හැකි බව අවධාරණය කරයි.

මේ සියල්ල දැක දැක දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එහා මෙහා දුවන්නේ කිසිවක් දන්නෙත් නෑ දැක්කෙත් නෑ ලෙසිනි. මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනාධිපතිවරයාට අපහාස කිරීමට පවා ඇතැමුන්ට නිර්භීතකමක් තිබේ. ඔවුන් ඇමතිකම් ඉල්ලන අතර ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට අනුව රජය ගෙන යාමට අවශ්‍ය බවට මැසිවිලි නඟන අතර ජාතියක් විනාශ කරපු හැටි ඒ නෝනලා මහත්තයාලට අමතක හැඩයි. මෙලෙස පොදුජන පෙරමුණ රට ආගාධයකට ඇද ගෙන ගිය බවට කිසිදු සැකයක් නැහැ.

පොහොට්ටුව රට දණින් වැට්ටවූ හැටි කාටත් මතකය. එවකට කැබිනට් ඇමතිවරයෙකු වූ දිලුම් අමුණුගමට අවශ්‍ය වූයේ ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙක් බව ඇඟවීමටය. ඔහුව ප්‍රසිද්ධියේ ම එළවා දැමීම සිදුවිය. දැන් ඔහු ඇමතිවරයකු වී ඇත. රූපවාහිනියේ හිනාවෙලා ගිවිසුම් අත්සන් කරනවා හරි හරියට. 

ලී ක්වාන් යූ කෙනෙක් ගෙනෙනවා යැයි කිව්වේ ජනාධිපති නීතීඥ අලි සබ්රි ය. දැන් ඔහු විදේශ ඇමතිවරයා ය. ඉතිං ඔහු ද ලොව වටා සංචාරය කරමින් සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයා සමඟ ඉතා හොඳින් පෙළ ගැසී සිටිති. ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, නිමල් ලංසා, ජනාධිපති නීතිඥ අලි සබ්රි, බන්දුල ගුණවර්ධන සහ තවත් බොහෝ දෙනෙක් මේ අයවලුන් අතර වෙති. ඔවුහු තමන්ව හොඳින් ප්‍රවර්ධනය කරමින් රැල්ල හැරෙන හැරෙන පැත්තට හෝයියා කියමින් නිහඬව සිටිති.

නිමල් සිරිපාල සහ තවත් කිහිප දෙනෙක් ඔහු අසල ගලක් මෙන් නොසැලී සිටිති. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන් රැසකගේම සිත් තුළ පවතින දෑ හඳුනා ගැනීමට ජනාධිපතිවරයා මේ වනවිට සමත් වී ඇත. මේ අතර විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගන්න කියලා ජනපතිට මැසිවිලි නඟන බවක් ආරංචිය. රට ගොඩගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් සියලු දෙනා ඒකරාශී කරගෙන ශක්තිමත් වීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කළ යුතුව ඇත.

මේ ආර්ථික අර්බුදයෙන් ගැලවිය හැකි එකම මිනිසා ඔහු බව ඔවුහු හොඳින්ම දනිති. ප්‍රංශය, ජපානය සමඟ කටයුතු කිරීම් පමණක් නොව ඔහු එංගලන්තයේ රජු සහ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමේ ආකාරය ද ඒවාට නිදසුන් සපයයි. අවාසනාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අමතක වී ඇත්තේ මීට වසරකට පෙර සිටි පිළිකුල් සහගතම පිරිස තමන් බව ය.

මුළු රටටම අවශ්‍ය වූයේ මන්ත්‍රීවරුන් 225 දෙනා එළවා දැමීමටයි. පාර්ලිමේන්තුව ඔවුන් අතට ගන්න දැරූ වෑයම් ඔවුන්ට මතකද දන්නේ නැහැ. දැන් ඔවුන් අළුවලින් එළියට පැමිණ ඇත. දැන් උන්ට ඕනේ උන්ගේ මස් කෑල්ල පමණි.

ජනපතිතුමා ජීවිතය පරදුවට තබා තම පෞද්ගලික පාරම්පරික නිවසේ තිබූ සියල්ල ද නැති කර ගත්තේය. ඔහුට තවත් පූජා කිරීමට ඇත්තේ කුමක්ද?

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ වැනි නායකයෙකු සහ පාර්ලිමේන්තුවේ සිටින විකටයන් සෙට් එකක් සමඟ රට යළි කිසිදා බංකොලොත් නොවන බව සහතික කිරීම සඳහා කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල වැදගත්කම පහදා ගත යුතුය. නැතිනම් ඒ සියල්ලෙන්ම යලිත් වන්දි ගෙවන්නේ මහජනතාවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය 2019 ආර්ථික අර්බුදයට හේතු වූ බව අමතක වී ඇති ආකාරය මන්ත්‍රීවරුන්ගෙන් සාමාන්‍ය පෙළ සමත් වී ඇති 5% කටත් අඩු ප්‍රමාණයක් යන දත්තය සනාථ කරයි. ජනාධිපතිතුමා මේවායින් සැලිය යුතු නැත. ඔහු නිවැරදි ගමන් පථයේ සිට කටයුතු තළ යුතුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පටු දේශපාලනය නිසා රට පාලනය කළ නොහැකි වුවහොත් ජනපතිතුමා කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර රටට යහපත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කිරීමට ඉඩ දීමයි.

ඇඩොල්ෆ්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan