මසක් ඇතුළත ආසියානු කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මීටර් 800 රන් පදක්කම් දෙකම තරුෂිට

තායිලන්තයේ පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 රන් පදක්කම 19 හැවිරිදි තරුෂි කරුණාරත්න දිනා ගත්තාය.ඒ විනාඩි 2:00.66 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටවමින්ය.එය ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 වෙනුවෙන් චීනයෙ ෂෑන්ග් ජිඇයෑන් පිහිටුවා තිබූ විනාඩි 2.01.16 ක් වූ වාර්තාව ද අභිබවා යාමකි.වසර 21 ට පෙර සුසන්තිකා මීටර් 200 සඳහා ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාවක් පිහිටවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් උළෙල වාර්තාවක් තැබූ පළමු අවස්ථාව ද මෙයය.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නායකත්වය දෙන ගයන්තිකා අබේරත්නය.ඇය විනාඩි 2:01.20 ක් වූ තරුෂි විසින් බිද දැමූ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය වූවාය.

තරුෂි ජූනි මස කොරියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී ද මීටර් 800 රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවය.
ඡායාරූපයේ වම්පස තරුෂි සහ දකුණු පස ගයන්තිකා වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...