මසක් ඇතුළත ආසියානු කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මීටර් 800 රන් පදක්කම් දෙකම තරුෂිට

Date:

තායිලන්තයේ පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 රන් පදක්කම 19 හැවිරිදි තරුෂි කරුණාරත්න දිනා ගත්තාය.ඒ විනාඩි 2:00.66 ක නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටවමින්ය.එය ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 800 වෙනුවෙන් චීනයෙ ෂෑන්ග් ජිඇයෑන් පිහිටුවා තිබූ විනාඩි 2.01.16 ක් වූ වාර්තාව ද අභිබවා යාමකි.වසර 21 ට පෙර සුසන්තිකා මීටර් 200 සඳහා ආසියානු මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාවක් පිහිටවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් උළෙල වාර්තාවක් තැබූ පළමු අවස්ථාව ද මෙයය.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නායකත්වය දෙන ගයන්තිකා අබේරත්නය.ඇය විනාඩි 2:01.20 ක් වූ තරුෂි විසින් බිද දැමූ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරිය වූවාය.

තරුෂි ජූනි මස කොරියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී ද මීටර් 800 රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාවය.
ඡායාරූපයේ වම්පස තරුෂි සහ දකුණු පස ගයන්තිකා වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...