අධිරාජ්‍යවාදීන් පවා හිස නැමූ දළදා හාමුදුරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්..!

එතෙර මෙතෙර බෞද්ධයින්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික දළදා පෙරහැරට පෙර කිසිලෙසක නොවූ විරූ පරිදි විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ට, අමනෝඥ පිලිවෙත හෙළිදරව් කොට ඇති අතර මේ පහත් ක්‍රියාව සම්බුදු දහමටත්, මුළුමහත් බෞද්ධ සමාජයටත්, පොදුවේ මුළු මහත් රටටත් කරන ලද නිගාවක් වන අතර, විශේෂයෙන්ම ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර පිළිබඳව අවධානය යොමු කරන ලෝකවාසී ප්‍රජාවටත් සිදුකරන ලද බරපතළ අවමානයක් සේ සලකමි.

එය අප තුළ අති මහත් කම්පනයක් ඇති කළ බව සිහිපත් කරන අතර මේ අත්තනෝමතික තීන්දුව ගත් ආණ්ඩුවට අපගේ කොන්දේසි විරහිත පිළිකුල පලකරමි.

විශේෂයෙන්ම ජනරජ පෙරහැර වැනි කටයුතු උදෙසා ආණ්ඩුව පැකිලීමකින් තොරව මුදල් වෙන් කළ බව මේ මොහොතේ සිහිපත් කළ යුතු අතර, දෙස් විදෙස් කීර්තියක් උසුලන දළදා පෙරහැරට ආණ්ඩුව විසින් කරනු ලබන සැලකිල්ලෙහි තරම පිළිබඳව අප තුළ ඇත්තේ බලවත් පිළිකුලකි.

මීට පෙර ද විහාරස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් දරාගත නොහැකි විදුලි බිලක් ආණ්ඩුව විසින් යොමු කොට තිබූ අතර මෙය බලවත් අප්‍රසාදය ගෙනදෙන කටයුත්තකි.

ඕනෑම රටකට අනන්‍ය වූ සංස්කෘතියක් ආගමික හර පද්ධතීන් ප්‍රමාණයක් ඇති බව පාලකයින් අවබෝධකොට ගත යුතු අතර ආගමික සහ සංස්කෘතික කාරණා අරභයා ආණ්ඩුවට ඇති අරියාදු කුමක්දැයි රටට හෙලිදරව් කළ යුතුය.

විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායී විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවළහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගැනීම ද කළ හැකිය. එය එසේ නොකොට, දරාගත නොහැකි බරක් ආගමික සිද්ධස්ථාන වෙත පැටවීම පළිබඳව අපගේ බලවත් පිළිකුල සහ අසතුට මෙන්ම විරෝධය ද පළකර සිටිමු.

සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...