පුහුණුකරුවන්ට පළමු පෙළ ⁣පුහුණුව අද ඇරඹේ

Date:

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ විධි විධානවලට අනුව ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුකරු දැණුම පළමු පෙළට උසස් කිරීමේ අරමුණෙන් පවත්වනු ලබන පළමු පෙළ බැඩ්මින්ටන් පුහුණුකරු පාඨමාලාව අද ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී දී ආරම්භ වුණා.

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ නිර්දේශය මත ⁣මෙම පාඨමාලාව මෙහෙයවීම පවිත්‍ර අබේගුණවර්ධනට පැවරී තිබෙනවා.ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ මෙම පාඨමාලාව සම්බන්ධීකරණය සහ මෙහෙයවීම පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ සභාපති බුද්ධික සිල්වාගේ මඟ පෙන්වීම සහිතව එම කමිටුව විසින් මෙහෙයවනු ලබනවා.

තවමත් තාරුණ්‍යය පලා නොගිය,ක්‍රීඩක ක්‍රීඩිකාවන් වශයෙන් ජාතික මට්ටමෙන් අවධානයට ලක් වූ සෑහෙන පිරිසක් මෙම දැනුම අවශෝෂණය කර ගැනීම සඳහා එක්ව සිටිනු දකින්නට ලැබෙනවා.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...