ඇමති මණ්ඩලයම මාසයකට හිරේට ගන්න ඕනේ – ගම්මන්පිල

Date:

කොළඹ LNW:තවත් ශාඛ තිබෙන බව පවසමින් ආන්දෝලනයට තුඩු දී තිබෙන පඬුකරඳ ශාඛය කපා දැමීම සම්බන්ධයෙන් දැන් සාධාරණිකරණය කිරීම නීති විරෝධී බවත් එම වරදට මාසයක සිර දඬුවම් ලැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (17) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම මාසයකට හිරේ යැවිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නීතිය සැමට පොදු බව පැවසුවද අමාත්‍ය මණ්ඩලයට ඊට උඩින් ඉන්න බව පෙන්වා ඇති හෙයින් දැන් නීතිය සැමට පොදු බව පෙන්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මෙලෙස අත්තනෝමතිකව ඉවත් කර ඇත්තේ රතු දත්ත පොතටද ඇතුළත්ව තිබුණු ඇති විශේෂ ශාඛයක් බ හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර උද්ධමනය අඩු වුවද බඩු මිලේ අඩුවක් නැති බවද හෙතෙම පැවසුවේය.

බඩු මිල වැඩිවීමට අදාළ සියලුම සාධක අඩුවී තිබෙන පසුබිමක භාණ්ඩ මිල අඩු විය යුතු වන අතර වෙළෙන්දා බඩු මිල අඩු නොකරන්නේ නම් රජය මැදිහත් වී එය අඩුකල යුතු වන බවද ගම්මපිල මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...