ඇමති මණ්ඩලයම මාසයකට හිරේට ගන්න ඕනේ – ගම්මන්පිල

කොළඹ LNW:තවත් ශාඛ තිබෙන බව පවසමින් ආන්දෝලනයට තුඩු දී තිබෙන පඬුකරඳ ශාඛය කපා දැමීම සම්බන්ධයෙන් දැන් සාධාරණිකරණය කිරීම නීති විරෝධී බවත් එම වරදට මාසයක සිර දඬුවම් ලැබිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ඒ, අද (17) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව සමස්ත කැබිනට් මණ්ඩලයම මාසයකට හිරේ යැවිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නීතිය සැමට පොදු බව පැවසුවද අමාත්‍ය මණ්ඩලයට ඊට උඩින් ඉන්න බව පෙන්වා ඇති හෙයින් දැන් නීතිය සැමට පොදු බව පෙන්විය යුතු වන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

මෙලෙස අත්තනෝමතිකව ඉවත් කර ඇත්තේ රතු දත්ත පොතටද ඇතුළත්ව තිබුණු ඇති විශේෂ ශාඛයක් බ හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර උද්ධමනය අඩු වුවද බඩු මිලේ අඩුවක් නැති බවද හෙතෙම පැවසුවේය.

බඩු මිල වැඩිවීමට අදාළ සියලුම සාධක අඩුවී තිබෙන පසුබිමක භාණ්ඩ මිල අඩු විය යුතු වන අතර වෙළෙන්දා බඩු මිල අඩු නොකරන්නේ නම් රජය මැදිහත් වී එය අඩුකල යුතු වන බවද ගම්මපිල මහතා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර අද බදුල්ලේ කාන්තාවන් හමුවට

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි" මැයෙන් ජනාධිපති අනුර...

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...