අභියෝගවලට බයේ ඇමතිකම දාලා පැනලා දුවන්නෙ නෑ. එහෙම කාලයක් තිබ්බා, තවදුරටත් නෑ – කෙහෙළිය

Date:

මේ දිනවල වැඩියෙන්ම අභියෝගවලට ලක්ව සිටින්නේ තමන් වන නමුත් තමන් කිසිසේත්ම අභියෝගවලට බියේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය අත්හැර නොයන්නේ යැයි සපථ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“මේ දවස්වල වැඩියෙන්ම අභියෝගයට ලක්වෙලා ඉන්න කෙනෙක් මම. අමාත්‍යාංශ නෙවෙයි මට වගකීමක් තියෙනවා මේ රටේ විසිදෙලක්ෂයක් ජනතාවගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන්. එක දෙයක් මම තමුන්නාන්සෙලාට මේ අවස්ථාවේ ප්‍රතිඥාවක් දෙනවා. මේ දෙන වගකීම අපි අකුරට ඉෂ්ට කරනවා. මේ අවස්ථාවේදී එවැනි අභියෝගවලට බයේ වගකීම් දාලා දුවන පුද්ගලයෙක් නෙවෙයි මම. එහෙම කාලයක් තිබ්බා, තවදුරටත් එහෙම නෑ. ඒ අභියෝග ජය අරගෙන මේ රටේ ජනතාවට අවශ්‍ය සේවය කරන්න අපි සැදී පැහැදී සිටිනවා කියලා කියන්නට ඕනෙ”

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (16) කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට. මුදාගැනීමේ මෙහෙයුම අවසන්

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ අද (22)...

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු හැඟවීම් නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය...

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...