*
Friday, September 20, 2024
spot_img

Latest Posts

දිනෙන් දින අර්බුදයකට යන සෞඛ්‍ය කේෂ්ත්‍රය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තිය සමිති නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයත් සමඟ මතුවූ සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කඩා වැටීම තවත් උග්‍ර වෙමින් පවතින බවයි.

එම කඩා වැටීමට වෛද්‍ය හිඟය, වෛද්‍යවරු ඇතුළු පළපුරුදු සෞඛ්‍ය සේවකයින් රට හැර යාම සහ ඖෂධ හිඟයෙන් නොනැවතී ගුණාත්මක නොවන බෙහෙත් නිසා සිදුවුවා යැයි සැක කෙරෙන ජිවිත හානි මෙන්ම සංකූලතා ද නොකඩවා  වාර්තා වෙනවා.

මෙවැනි තත්වයක් තුළ රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද අසරණ වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ .

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයසංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දක්වන්නේ මෙවන් අදහසක්,

“ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැති ඖෂධත් රටට එනවා මේ ඖෂධ හිඟය නිසා. එහෙම ගැටලු තියෙන ඖෂධවල ප්‍රමිතිය චෙක් කරන්න මොනවාහරි සිස්ටම් එකක් හැඳුනේ නැති නම් මේක විසඳගන්න බැහැ. මොකද වාට්ටුවට ගිහිල්ලා දෙන බෙහෙත පෙත්ත කාලා බලලා හරි, ඉන්ජෙක්ෂන් එක බීලා බලලා හරි එහෙම ටෙස් කරන්න ක්‍රමයක් විශේෂඥ වෛද්‍යවරයෙක්ට හෝ වෛද්‍යවරයෙක්ට නැහැ.”

“මේක නිසා රෝගීන්නුත් අසරණ වෙලා ඉන්නේ වෛද්‍යවරු විදියට අපිත් අසරණ වෙලා ඉන්නේ. මොකද තියෙන බෙහෙත් ටික දෙන්න වෙනවා, දීලා ප්‍රශ්නයක් වුනොත් ඒකටත් මුහුණ දෙන්නේ ඕනේ. මේකේ තියෙන කොලිටිය ගැන අපිටත් හිතාගන්න බැහැ.”

සෞඛ්‍ය පද්ධතිය අඩපණ කර අයුතු ප්‍රයෝජන හා ප්‍රතිලාභ ලබා ගැනිමේ මාෆියාවන් මේ මොහොතේත් ක්‍රියාත්මක බව කී වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකීම වනුයේ එම න්‍යයා පත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීම බවද වෛද්‍යවරයා පැවසීය .

ලෙඩ වී ඇති වෛද්‍ය උපකරණ
ඖෂධ හිඟයෙන් පීඩා විඳින රෝගීන්ට කබලෙන් ලිපට වැටීමට සිදුව ඇත්තේ රෝග හඳුනාගැනීමට යොදා ගන්නා වෛද්‍ය උපකරණ ද අඩපණ වීම හේතුවෙනි.

රජයේ රෝහල්වල අඩපණ වී ඇති වෛද්‍ය උපකරණ සම්බන්ධව රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසූවේ , පිළිකා රෝගීන් සඳහා යාබද නිරෝගී සෛලවලට හානියක් නොවී පිළිකා රෝග සෛල විනාශ කිරීමේ හැකියාව පවතින ලීනියර් ඇක්සලේටර් (linear accelerator) යන්ත්‍ර 10ක් රජයේ රෝහල් සතුව ඇති බවත් ඉන් කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවයි .

මහනුවර ජාතික රෝහලේ තිබෙන යන්ත්‍ර දෙක පිහිටි ගොඩනැගිල්ලෙහි සිසිලන පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් 2022 නොවැම්බර් 14 දා සිට ක්‍රියාත්මක නොවන බවත් අපේක්ෂා රෝහලේ තිබෙන යන්ත්‍ර පහෙන් එක්ක ජුනි මස 22 වනදා සිට බිඳ වැටී ඇතැයි ද චානක ධර්මවික්‍රම මහතා පැවසූවා.

පුද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 15 ක් දක්වා මුදලක් වැය වේ.

කරාපිටිය ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල, කුරුණෑගල, මාතර, හොරණ , කළුතර, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, රත්නපුර, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යන්ත්‍රය, ජාතික දන්ත රෝහල, ආදී රෝහල් වල ඇති CT ස්කෑන් යන්ත්‍ර 12 ක් ද මේ වන විට බිඳ වැටී ඇති බව වාර්තා වේ.

ඊට අමතරව කරවනැල්ල රෝහලේ තිබෙන යන්ත්‍රය සම්පූර්ණ ක්‍රියාත්මක තත්ත්වයේ නැතැයි, රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේය.

CT ස්කෑන් පරීක්ෂණයක් මඟින් ශරීර අභ්‍යන්තරයේ රුධිර වහනයක් වීමක් විශේෂයෙන්ම හදිසි අනතුරකට ලක් වන රෝගියෙකුගේ මොළයේ රුධිර වහනය වීම, පිළිකා රෝග තත්ත්ව හඳුනා ගැනීම, රුධිර නාල වල ඇතිවන අවහිරතා හඳුනාගැනීම, අස්ථි පද්ධතියේ ද්විමාන සහ ත්‍රිමාන රූප ලබා ගැනීම, පෙනහලු රෝග තත්ත්ව හඳුනා ගැනීම වැනි සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.
MRI ස්කෑන් පරීක්ෂණය මගින් ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගනීමට හැකියාව ලැබෙන අතර මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව රෝග හඳුනා ගැනීම මෙම යන්ත්‍රයෙන් සිදු කරනු ලබයි.

ඊට අමතරව පිළිකා රෝග හඳුනාගැනීම, අග්න්‍යාශය ආශ්‍රිත රෝග හඳුනාගැනීම, හෘදයට රුධිරය සපයන කිරීටක ධමනිවල අවහිරතා හඳුනාගැනීම, සහ මාංශ පේශිවල රෝග තත්ත්ව හඳුනා ගැනීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණය උපයෝගී කරගන්නා අතර MRI ස්කෑන් යන්ත්‍ර 13ක් රජයේ රෝහල් සතුව පවතී.

ඉන් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර මීට වසර 2කට පෙර බිඳ වැටී ඇති අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ යන්ත්‍රය ජනවාරි මස සිට බිඳ වැටී තිබේ.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ , අපේක්ෂා රෝහලේ තිබෙන පෙට් ස්කෑන් යන්ත්‍රය මැයි මස 26 වනදා සිට එහි පරීක්ෂණ සිදු කිරීම නතර කර ඇති අතර , එයට හේතු වී ඇත්තේ පරීක්ෂණයක් සඳහා භාවිතා කරන FDG නැමැති ඖෂධය සැපයීම නතර වීම බවයි .

රජයේ විකිරණ වෛද්‍ය විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ, වෛද්‍ය උපකරණ අලුත් වැඩියා කිරීම සඳහා වාර්ෂිකව සේවා ගිවිසුම්වලට එළඹිය යුතු අතර රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලය පුරා සේවා ගිවිසුම් අලුත් කර නැති බවයි.

සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ ,

“අපි හරි පරිස්සම් වෙන්න ඕනේ , මොකද මෙයාලා දැන් හිතු හිතු ගණන් කියනවා . සේවා ගිවිසුම්වලට එහෙම කම්පැනි තියෙනවා. අපි කියන්නේ මේ ප්‍රසම්පාදන කමිටුවට විකිරණ තාක්ෂණවේදියෙක්ව යොදා ගන්න කියලා. ඒ අය දන්නවා ගෙවිය යුතු ගාන සහ මොකක්ද යන මුදල කියනල් එක.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan