ජනපති රනිල්ගෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්

0
457

ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙනුවෙන් අද (18) කොළඹ ජනාධිපති මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතයි.

ඒ භෝජන සංග්‍රහයට සිය බිරින්දෑවරුනුත් සමගම සහභාගී වෙන්න කියලා ජනාධිපති කාර්යාලයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට ආරාධනා කරලා ලු.

මීට අමතරව ඊයේ පැවැත්වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි පැමිණි සියලුම දෙනාට මේ ගැන යළි සිහිපත් කළා කියලාත් ආරංචියි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පවත්වන පළමු රාත්‍රී භෝජන සංග්‍රහය ලු මේ.

RN