ළමා රෝහලේ වර්ජනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ ආර්ම්භ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ .

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ගය ගත් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,

“රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ නොමනා සහ පිළිගත නොහැකි හැසිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක්. දැන් දිගින් දිගටම දික්ගැස්සෙමින් යනවා. මේ ගැටලුව විසඳන්නේ නැතුව ප්‍රශ්නය දිගටම තියෙද්දි ගැටලුව විසඳීමට අසමත් වීම නිසා නැත්නම් ඒ ගැටලුව විසඳිය යුතු රෝහල් අධ්‍යක්ෂවරයා ඒ ගැටලුව විසඳන්න අසමත්වීම නිසා, ඔහුගේ නොහැකියාව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදුවුණා මේ ගැටලුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අරගෙන යන්න. ඔහු සතියක කාලයක් ඉල්ලුවා. දැන් සති තුනක් වෙනවා. තාමත් තමන් ලබාදුන්න පොරොන්දු ඉෂ්ට කරන්න. තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ වෙනතුරුත් හැකියාව ලැබී නෑ. මේ ගැටලුව නොවිසඳීමට විරෝධය දක්වලා එම රෝහලේ භාහිර රෝගී අංශයේ පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් හදිසි ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි.”

නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ  කළේ, වර්ජනය  පිළිබඳ තමාට දැනුම්දීමක් කර නැති බවයි .

“එහෙම එකක් සංවිධානය කළා කියලා මට ආරංචියි. නමුත් මට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරලා නෑ. ගිය සතියේ ඉඳලම ඇක්සන් ගන්නවා කියනවා කුමන හේතුවක් ද කියන්න මම දන්නේ නෑ. ඔය විශේෂඥ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒ වෛද්‍යවරිය සැඩ පරුෂ විදියට වෛද්‍යවරුන්ට කතා කරනවා කියලා. නමුත් මා දන්නා පරිදි මේ වනවිට ඔය කියන විශේෂඥ වෛද්‍යවරිය ළඟ ඔය කියන වෛද්‍යවරු නෑ. සීමාවාසික වෛද්‍යවරු හැර වෙන කිසිදු වෛද්‍යවරයෙක් මාසයක පමණ කාලයක සිට නෑ. මාසයක කාලයක සිට තාඩන පීඩන කළා කියන එක මම දන්නේ නෑ. මොකද වෛද්‍යවරු එම ස්ථානයට යන්නේ නැති නිසා. කෙසේවෙතත් එම වෛද්‍යවරියගේ වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම පවා නතර කරලා තියෙනවා. ඉන් එහාට මට කරන්න දෙයක් නෑ. කෙසේ හෝ රාජ්‍ය සේවා කොමිසම මඟින් පත්කරපු වෛද්‍යවරියක් ඉවත් කිරීමට හෝ මාරු කිරීමට මට බලයක් නෑ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Human Immunoglobulin ඖෂධය ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW: මේ වන විට මතුව...

ඇමරිකානු ආරක්ෂක ලේකම් එක්සත් ජනපද ආරක්ෂක බුද්ධි ඒජන්සියේ (DIA) ප්‍රධානියා ධුරයෙන් නෙරපයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට්...

සජිත් සමග එකතු නොවීමේ වන්දිය ගෙවන රනිල්!

අගෝස්තු 23, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ දේශපාලනය බොහෝ කලක...

නිව්යෝර්ක් අධිවේගී මාර්ගයේ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නිව්යෝර්ක් බෆලෝ...