බොට්ස්වානා බිඩීඑෆ් කැට්ස් පරදා ශ්‍රී ලංකා නෙට්බෝල් ඉදිරියට

Date:

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ආසන්නයේ එය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන් සහභාගිවන බොට්ස්වානා සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගි වූ තෙවන තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.ඒ ලකුණු 55 – 53 ක් ලෙස එරට ජාතික සූරතාවය දිනා සිටින බීඩීඑෆ් කැට්ස් කණ්ඩායමට එරෙහිවයි.ජාත්‍යන්තර මට්ටමේ කැපී පෙණෙන බොට්ස්වානා ජාතික කණ්ඩායම සමඟ එක්ව තරග කරන ක්‍රිඩිකාවන් රැසක් නියෝජනය කරන බොට්ස්වානා කණ්ඩායමට දැල විදින්නියක ලෙස කැපී පෙනෙන හිල්ඩා බයිනන්ග් වැනි ක්‍රිඩිකාවන් එක්ව සිටින අතර ඇය මෙම තරග සංචාරය ආරම්භ කරන මොහොතේ දී මෙන් නිමා වූ එරට ජාතික සුරතාවලියේදී ද,දත්ෂතම ක්‍රීඩිකාව සහ හොඳම දැල විඳින්නිය ලෙස සම්මානණීය වූ ක්‍රීඩිකාවයි.

හිල්ඩා බයිනන්ග්


පළපුරුදු හිල්ඩා මෙන්ම බොට්ස්වානා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ කළ ක්‍රිඩිකාවන් සහිත එරට ජාතික සූරියන් මේ තරගය පුරාවට ශ්‍රී ලංකාවට එල්ල කළ අභියෝගය ගැන අවබෝධයක් ඇතිව වු ද,ප්‍රධාන කණ්ඩායමට තිලකා ජිනදාස විසින් ශ්‍රී ලංකාවේ ලකුණු යන්තරය වන තර්ජණි සිවලිංගම් ප්‍රධාන කොට කැදවූයේ නැහැ.එම වගකීම ප්‍රධාන කොට ඉටු කර ගැනීමට ඇය භාවිතා කළේ තිසාලා අල්ගම සහ සේමිණි අල්විස් යන දෙදෙනායි.
ලෝක සූරතාවලියේ දී සියලුම ක්‍රිඩිකාවන් ඕනෑම මොහොතක ඉහළ මට්ටමෙන් තරග සඳහා දායක කර ගැනීමේ අරමුණෙන් බොට්ස්වානා වැනි ප්‍රවේගකාරී සහ ආවේගකාරී ක්‍රීඩා රටාවක් ඇති රටක ශක්තියට ඔරොත්තු දීම වෙනුවෙන් කණ්ඩායම පුහුණු කිරීමේ කර්තවය මේ වන විට සාර්ථකව අවසන් කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදි වෙනදාට වඩා ඉහළ දස්කම් දක්වන තත්ත්වයකට පත්වෙනු ඇතැයි තිලකා බලාපොරොත්තු පළ කරනවා.
බිඪිඑෆ් කැට්ස් තරගයේදී ප්‍රථම කාර්තුව නිමා වන විට ශ්‍රී ලංකාව 14 – 16 ලෙස පසුපසින් සිටිය අතර දෙවන වටයේදි ශ්‍රී ලංකාව ලකුණු 16 ක් ලබා ගනිද්දී බොට්ස්වානා ජාතික සූරියන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12 ක් පමණි.නැවත තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවට ලකුණු 9 ක් පමණක් රැස් කරන්නට ඉඩ දුන් බීඩීඑෆ් කැට්ස් ක්‍රීඩිකාවෝ ලකුණු 12 ක් රැස් කරමින් නැවත ලකුණු 40 – 39 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ.ඉතාමත් ඥාණාන්විතව කණ්ඩායම තරගය සඳහා යොදා ගත් තිලකා, තරගයේ සිව්වන වටයේදි සාමාන්‍යයෙන් දැකිය නොහැකි ශක්තියක් සහිතව බොට්ස්වානා ජාතික සූරියන්ට මුහුණ දෙමින් ලකුණු 16 – 13 ක් ලෙස පෙරමුණ ගත්තේ සමස්ත තරගයෙන් ලකුණු 55 – 53 ක් ලෙස සියුම්,එහෙත් විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්ය.
හෙට 23 වන දා ශ්‍රී ලංකාව නැවත බොට්ස්වානා ජාතික කණ්ඩායම සමඟ තරග වඳින අතර ප්‍රථම තරගයේ පරාජය අවම කර ගැනීම සඳහා හෝ ජයග්‍රහණය සඳහා උත්සාහ කිරීම ගැන හෝ සිතීමට වඩා ලෝක කුසලානය ඉලක්කය කරගෙන කණ්ඩායමේ ශක්තිය උපරිමයට ඔසවා ගැනීම සඳහා මේ තරගයේදී වැඩි උත්සාහයක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරනු ඇත.විශේෂයෙන්ම මේ කෙටි තරග අත්දැකීම් තුළින් බොට්ස්වානා නෙට්බෝල්වල ඇති ආක්‍රමණික අනන්‍යතාවය සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රතික්‍රියා දැක්වීමේ ශක්තිය සහ සාර්ථකත්වයත්, වේගවත් බවත් ඉහළට එසැවී තිබීම යහපත් තත්ත්වයකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...