සෞඛ්‍ය සේවකයන් අදත් සෞඛ්‍ය අමාත්‍යංශය වටලයි – කැරලි මර්දන ඒකකයත් කැඳවයි

0
289

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයන් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ තිබෙනවා.

කොළඹ නව නගර ශාලාව අසල විරෝධතාවයක නිරත වූ සෞඛ්‍ය සේවකයන් පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ ඇති අතර ඔවුන්ට අමාත්‍යංශ භූමියට ඇතුළුවීමට ඉඩ ලබා දී නොමැත. ඉන් අනතුරුව විරෝධතාකරුවන් බලහත්කාරයෙන් අමාත්‍යංශ භූමියට ඇතුළු වී එහි රැඳී සිට තිබෙනවා.

උද්ගත වූ උණුසුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා කැරලි මර්දන ඒකකයද කැඳවූ බවයි වාර්තා වන්නේ.

වැටුප් වැඩි කිරීම, සේවයේ ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කරමින් ශ්‍රේණි කිහිපයකට අයත් සෞඛ්‍ය සේවකයන් වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊයේ දිනයේදීද ඔවුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පා ගමනින් පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here