*
Friday, September 27, 2024
spot_img

Latest Posts

හිස අතගාන සෙයියාවෙන් ඇණ ද ගසනු හැකිය…..

මේ මොහොත වන විට ශ්‍රී ලංකා රගර් ආයතනය විසින් උත්සාහ කරමින් සිටින ආසියානු පදක්කමක් දිනා ගැනීමේ උත්සාහය තව දුරටත් අසීරු වන තත්ත්වයක් උද්ගත වෙමින් ඇත. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව (ජාතික ඔලිම්පික් කමිටුවද පිළි නොගත්) ජාත්‍යන්තර රගර් පරිපාලනයද සැළකිල්ලට නොගෙන එය “දේශපාලන බලපෑම්” කියන කරුණ පදනම් කරගෙන සිඳු කළේ ශ්‍රී ලංකා රගර් තහනමකට ලක් කිරීමය.
අභියාචනාධිකරණය මඟින් එම තත්ත්වය වෙනස් කිරීමට අදාළ තීන්දුව දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයාටද,ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ටද බලපෑම් නොකරන ලෙස දුන් තීන්දුවක් දි ඇත. දැන් අමාත්‍යවරයා විසින් කළ “දේශපාලන බලපෑමක්” ලෙස නිර්වචනය කරන ලද තීරණයට අදාළ වූ ස්ථාවරකරණ කමිටුව විසින් එම තීන්දු අභියෝගයට ලක් කරන බව කීමත් සමඟ කට වසා සිටි සර්පයෙක් මල්ලෙන් එළියට එබෙයි.අමාත්‍යවරයා පමණක් එම තීන්දු පිටුපස නොසිටි බවත් අප දුටුවේ නැට්ටක් මිස සර්ප හිස නොවන බවත් දැන් පැහැදිලි කර ගැනීම අසීරු නැත.වැදගත් මේ තත්ත්වය නිසා ජාත්‍යන්තර රගර් සම්මේලනයේ තහනම තව දුරටත් පැවත්වීමේ අවදානම දීර්ඝ වීමේ හැකියාවය.
මේ තත්ත්වය ඇති වන්නේ, සැප්තැම්බර් මස පැවත්වීමට නියමිත ආසියානු තරගාවලිය වෙනුවෙන් මේ වන විට ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් නම් කර වැඩ කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රගර් උත්සාහ කරමින් සිටින අවස්ථාවේය.මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය අනුව අමාත්‍යවරයාද යම් තරමකට ආසියානු තරගාවලියේ පදක්කමකට ඇති ඉඩ ආවරණය නොකළ යුතුය යන ධනාත්මක තත්ත්වයට පැමිණ සිටින අතර අගෝස්තු 3 වන දා මෙම නඩුවේ තව දුරටත් සවිස්තර කිරිම් පැමිණෙන තුරු අදාළ පුහුණු කටයුත් පවත්වාගෙන යාමට අරමුදල් ලබා දිම වෙනුවෙන් සාකච්ඡා ද සිඳුවෙමින් පවතියි.
ක්‍රීඩා පරිපාලනයේ අවබෝධයක් ඇති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ක්‍රීඩා සංගම් සහ ඔලිම්පික් කමිටු නියෝජනයෙන් ද පොහොසත් බැවින් යම් අවබෝධයකින් මේ ප්‍රශ්නයට මුහුණ දිමට රටේ රගර් ගැන සිතමින් ඉදිරිපත් වන බවක් දැකිය හැකි අතර ක්‍රීඩා අමාත්‍යවරයාද යම් ධනාත්මක අදහසකින් ආසියානු ක්‍රීඩා උළෙලේ ඇති අවස්ථාව ගැන අවබෝධයකින් කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.එසේම ජාතික තේරීම් කමිටුව වෙනුවෙන් වෛද්‍ය මයියා ගුණසේකර ද සියල්ලට පෙර රටේ රගර් එක යන හැඟීමෙන් රගර් තේරිම් පරික්ෂාවට පවා සහභාගි වෙමින් උනන්දුවෙන් කටයුතු කළ බව ශ්‍රී ලංකා රගර් ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි.
නමුත් ක්‍රිඩා අමාත්‍යවරයාම පත් කළ ස්ථාවරකරණ කමිටුව දැන් සිටින්නේ නැට්ටට පාලනය කළ නොහැකි හිසක් තත්ත්වයේය.සැබෑ රගර් පරිපාලනය පුහුණු සංචිත පවත්වා,ක්‍රීඩකයින් තෝරා,අගෝස්තු 3 වන දා දක්වා අමාත්‍යංශයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමේ දුෂ්කරතාවයන් ද පෙන්වා දී ඇති අතර ඒ සඳහා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද සැළකිය යුතු අවදානයක් දිනා ගෙන සිටියදී දැන් ඇමති විසින් පත් කිරිම නිසා චරිත බවට පත් වූ පිරිස් රගර් හී බලය වෙනුවෙන් කැසපොට ගසාගෙන සටනට බසින්නට මාවති සොයමින් සිටියි.එය අමාත්‍යවරයා ද යම් මට්ටමක අපහසුවකට පත් කරන තත්ත්වයක් වන අතර ඔහුට ද සර්පයන්ගේ හිස් මතට තමන් වල්ග සේ සම්බන්ධ වීමේ ප්‍රතිපලය අවබෝධ කර ගන්නට මෙය වැදගත් වනු ඇත.අඩුම තරමේ ඉදිරියටවත් හිසේ විෂ බලා කඳේ සම්බන්ධයට එකඟවීම වැදගත් බව හැඟෙනු ඇත.


නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය පවුල භාරයේ තිබෙන වස්තුවක් සේ තිබුණ රගර් හි බල ආධිපත්‍යය රැක ගැනීමට ගත් ඇතැම් ව්‍යවස්ථාවෙන් පත් වූ කණ්ඩායමට බලපෑම් කිරීමේ තීරණ සමඟ මේ තත්ත්වය රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද ඉදිරියට ඇදගෙන යන්නට ගත් උත්සාහය නිසා මේ තත්ත්වය උද්ගත වී තිබේ.ශ්‍රී ලංකා රගර් වෙනුවෙන් විදේශ ක්‍රීඩකයින් පිටියට රැඟෙන ඒමෙන් අදටත් ගෙවන පවුම් 50000 ක දඩ මුදලට ජාත්‍යන්තර වශයෙන් යටත්ව සිටින ශ්‍රී ලංකාව එම ඉරණමට මුහුණ දෙන විට ශ්‍රී ලංකාවේ සභාපතිවරයා වූ අසංග සෙනවිරත්න,නාමල් රාජපක්ෂ සහ ආසියානු සභාපතිවරයා එක්ව කරන ශ්‍රී ලංකා රගර්වලට කරන ලද බලපෑමට එකතු වීමට රොෂාන් රණසිංහට පාවඩ එලූ අය දැන් රණසිංහයන් පාවඩ ඉවත් කළත් ගමන නවතන්නට සූදානම් නැත.රගර් නොවන බල ව්‍යාපෘතිලාභින්ගේ ස්වභාවය මෙයය.ඒ සියල්ල අතරේ රටේ නීතිය සාධාරණය වෙනුවෙන් පෙනී සිටි සහ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවැරදි තීරණය ගත් පසුබිමක් නිසා බොහෝ කාලයන් අහිමි කළ ද වත්මන් රගර් පරිපාලනයට බොහෝ පිරිසි සිදු කළ හැනි අවම කර දෙමින් ක්‍රිඩාවේ ශිල්පීය ගුණාංගවල සිට කළමණාකරණයේ ලාබදායී පිරිසිදු තත්ත්වය දක්වාම පැමිණෙන්නට හැකිවීම වැදගත්ය.එය තව දුරටත් පවත්වාගෙන යන්නට නීතියේ ආශිර්වාදය යටතේ කටයුතු කරන්නට හැකියාව ලැබුණොත් රගර් ක්‍රීඩාවේ අලුත් පිටුවක් ලියැවෙන්නට ඉඩ ඇත.මේ වන විටත් පයින් අදින ඇතැම් නිලධාරීන් නියෝජනය කරන තැන කුමක්ද යන්න නොසොයා ක්‍රීඩාවට අවශ්‍යය හැකියාව පළමු කොට සළකා ක්‍රීඩකයින් තේරීම,වගකීම් පැවරීම සිදු කරමින් ආදර්ශවත් වී ඇති රගර් පරිපාලනය අස්ථාවර කර ආසියානු ගමන වැළක්වීමට ස්ථාවරකරණ කමිටුව පෙරට ආවොත් ප්‍රශ්ණය ස්ථාවර තහනමක් හෝ නිත්‍ය ආසියානු පරාජයක් දක්වා යාමට ඇති බලධාරන් සහ සියලු රගර් ප්‍රේමීන් තෝරා ගැනීම වටින්නේය.


අමාත්‍යවරයාටද හිස අතගාන අය අත ඇති ගසන ඇණ ගැන දැන් අවබෝධයක් ලැබි ඇතැයි අපි සිතමු.හිස අතගෑමේ සෙයියාව ඇත්ත නොවන බවත්, අරමුණ ඇණය හිසට ගැසීම බවත් තේරුම් ගැනීම වැදගත්ය.එය තමන්ගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය යටතේ රටට ලැබෙන්නට ඇති ජයග්‍රහණයක් වළක්වන්නට තරම් බලවත්ව නැඟෙන විටවත් නූතණ රගර් ප්‍රශ්නය මුල සිට නිවැරදිව අධ්‍යයනය කර ඉතිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ රගර්වලට අලුත් ජයග්‍රහණ සොයා යන්නට සහයෝගයේ අත දිගු කළ හැකිනම් එය ඇමකිවරයාගේ දේශපාලනයට ද වැදගත් විය හැකිය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan