රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුව

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් ඊයේ (25) කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට වැදගත් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කළ අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම,ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැනි කරුණු පිළිබඳව මෙහිදී   දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

රජය විසින් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි දක්වන අකාර්යක්ෂමභාවය හා ප්‍රජාතන්ත්‍රවාදය ⁣කෙලෙසීම, දූෂණ විරෝධී ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ නීති සම්පාදනය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.

මෙහි දී විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අමතා රට මුහුණ දී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් දැනුවත් කල අතර, චේතනාන්විතව මැතිවරණ කල් දැමීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති බරපතළ තර්ජනය පිළිබඳවද තානාපතිවරුන්ගේ විශේෂ අවධානයට යොමු කරනු ලැබීය.

එමෙන්ම ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී නොවීම තුළ අස්වැසුම වැනි වැඩසටහන් අසාර්ථක වීම ගැන ද මෙහි දී දැනුවත් කළ විපක්ෂ නායකතුමා, මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩන් වැටී ඇති ආකාරය මෙන්ම බාල ඖෂධ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරයද සිහිපත් කරනු ලැබීය.

දූෂණය පිටු දැකීම සදහා පනත් රැසක් සම්මත කර ගනු ලැබුවද දූෂණ හා වංචා තවමත් අවසන් වී නොමැති බවත් රටින් සොරකම් කල මුදල් නැවත ලබා ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් තවමත් සකස් කර නොමැති බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා නීති සම්පාදන ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් සියලුම පනත් දෝෂ සහිත බවත් මේ හේතුවෙන් නීති පද්ධතියේ ගුණාත්මකභාවය අඩු වී ඇති බවත් පැමිණ සිටි පිරිස දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපද තානාපති Julie J Chung මහත්මිය, නෙදර්ලන්ත තානාපති Bonnie Horbach මහත්මිය, ඉන්දීය මහකොමසාරිස්  Gopal Baglay මහතා, නවසීලන්ත මහකොමසාරිස්  Michael Appleton මහතා, ඕස්ටේ්‍රලියාවේ මහකොමසාරිස් Paul Wesley Stephens මහතා, ප්‍රංශ මහකොමසාරිස් Jean Francois Pactet , කැනඩාවේ මහකොමසාරිස් Eric Walsh, එක්සත් රාජධානියේ වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් Lisa Whanstall, රුමේනියානු තානාපති  Victor Chiujdea, ජපාන නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Katsuki Kotaro, ඉතාලි නියෝජ්‍ය ධුත මණ්ඩල ප්‍රධානී Dr. Francesco Perale, යුරෝපා සංගමයේ දේශපාලන අංශයේ  Anne Vaugier Chatterjee යන නියෝජිත පිරිස එක්ව සිටියහ.     

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...