අදත් (27) වැසි සහ තද සුළං

Date:

අද (27) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...