*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

රාජිත ඉතිහාසයේ හයවන තැනට

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් වඩාත්ම කැපී පෙනෙන මලල ක්‍රීඩා ඉසව්ව පිරිමි මීටර් 400 ඉසව්වය.ඔලිම්පික් පදක්කමක් නොදිනුවද එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට වැඩිපුරම ජයග්‍රහණ ගෙනවිත් ඇත්තේ මීටර් 400 පිරිමි සහ එම සහය දිවීමේ ඉසව්වලින්ය.නමුත් මෙම ඉසව්වේ දී ද තත්පර 45 ට අඩුවෙන් එම ඉසව්ව නිමා කළ පිරිස ඊයෙ (ජූලි 28) දක්වාම අපට සිටියේ පස් දෙනෙක් පමණි.ඒ සුගත් තිලකරත්න (තත්පර 44.61),රොහාන් ප්‍රදීප් කුමාර (තත්පර 45.25),ප්‍රසන්න අමරසේකර (තත්පර 45.43),අරුණ දර්ශණ (තත්පර 45.49) සහ කාලිංග කුමාරගේ (තත්පර 45.64) එම පස්දෙනා විය.එහි හයවැන්නා ලෙස ඊයේ එක් වුණේ රාජිත රාජකරුණා ය.ඔහු තත්පර 45.98 ක දක්ෂතාවයක් දක්වමින් එම 45 කාණ්ඩයේ නවතම සාමාජිකයා බවට පත් විය.රාජිත මෙම දස්කම සිදු කළේ 101 වන ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සූරතාවලියේ මීටර් 400 ඉසව්වේ අවසාන පූර්ව තරගයට එක්වෙමින්ය.


මීටර් 400 කඩුලු ඉසව්වේ මේ වන විටත් ජාතික වාර්තාව හිමි හරිජන් රත්නායක යටතේ පුහුණුව ලබන රාජිත වත්මන් මීටර් 400 සහය දිවීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන කණ්ඩායමේ සාමාජිකයෙක්ය.ගෙවුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී එම ඉසව්වෙ ජාතික වාර්තාව සහ ආසියානු මලල ක්‍රිඩා සූරතාවලි වාර්තාව පිහිටුවීමට දායකවීමට මෙන්ම මීටර් 400 කේවල ඉසව්වේ අවසාන තරගය නියෝජනයටද රාජිතට හැකි විය.

හරිජන් සහ රාජිත

අද පැවත්වෙන මිීටර් 400 අවසාන තරගය දැඩි තරගකාරී මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති අතර එහිදී රාජිත තමන්ට ඉදිරියෙන් සිටින අරුණ දර්ශණට සහ කාලිංග කුමාරගේට හොඳ සටනක් ලබා දෙනු ඇතැයි සිකිය හැකි අතර පබසර නිපූ ද ආසියානු තරගාවලියේදී සහය දිවීමේ නව වාර්තාව තැබීම වෙනුවෙන් සිය ධාවනය කළමණාකරණය කර ගත් අපූර්වත්වය ගැන සිතන විට ඔහු ද තත්පර 45 සීමාවට පිවිසීමට තරම් දක්ෂතාවයක් දක්වනු ඇතැයි සිතිය හැකිය.මෙම සටහනේ ප්‍රධාන ඡායාරූපයේ දකුණු කෙළවරේ සිටින්නේ රාජිතය.ඉනික්බිති කාලිංග කුමාරගේ,පබසර නිපූ සහ අරුණ දර්ශණ සිටියි.


එසේම එකම කාල වකවානුවක් තත්පර 45 සීමාවේ සිය හොදම පෞද්ගලික දක්ෂතාවය තිදෙනෙක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව හැටියට ද මෙම අවස්ථාව ඉතිහාසයට එකතු වන්නේය.මේ තිදෙනාම පුහුණු කරන්නේ ද නව බලාපොරොත්තු සහිත තරුණ පුහුණුකරුවන් වීම ද අනාගතයට වැදගත්ය.අරුණ,අසංක රාජකරුණා යටතේත්,කාලිංග විමුක්ති සොයිසා යටතේත්,රාජිත, හරිජන් රත්නායක යටතේත් පුහුණුව ලබන අතර මෙම කණ්ඩායම ආසන්නයේම රැදී සිටින පබසර ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක් වන එස්පීඩී ද සිල්වා යටතේ පුහුණුව ලබයි.

පදක්කමක් නැතත් තුෂේන් වේගයෙන් ඉහළට

පිරිමි රිටි පැනීමේ ඉසව්වජෙයග්‍රහණය හිටපු ජාතික වාර්තාලාභියා වන ඉෂාර සඳරුවන් දිනා ගත් අතර එම උසම වාර්තා කළ ඉන්දියාවේ සිවා සුබ්‍රමනි එම උසම වාර්තා කරමින් දෙවැනි තැනට පත් විය.මෙම ඉසව්වේ ප්වන තැනට පත් වූයේ අවුරුදු 18 න් පහළ ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ රිදී පදක්කම දිනූ තුෂේක් ද සිල්වා වන අතර ඔහු පදක්කමක නොපිවිසුන ද,මීටර් 4.70 ක සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය මීටර් 4.80 දක්වා ඉහළට ගෙනාවේය.ඒ සමඟම ලෝකයේ අවුරුදු 18 න් පහළ රිටි පැනීමේ ඉසව්වේ 40 වන තැන සිටි තුෂේන් 20 වන තැන දක්වා ඉහළට පැමිණෙන අතර ආසියානු මට්ටමේ දී 10 වන තැන සිට සිව්වන තැන දක්වා ද ඉහළට පැමිණීමට අවස්ථාව උදා කර ගත්තේය.තුෂේන් මෙන්ම ජයග්‍රහණය කළ ඉෂාර ද සනත් ගුණරත්න ජාතික වගකීමකින් පවත්වාගෙන යන ජාතික වගකීම් දරන්නන්ගේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවුණු පමුණුගම රිටි පැනිමේ කදවුරේ නිර්මාණයන්ය.

සනත් සහ තුශේන්

මව්වරුන්ගේ පියවරුන්ගේ ජයග්‍රහණ


කාලයක් මලල ක්‍රිඩා පිටියේ රැදී සිටින දිරිමත් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක්ද මෙහිදී ලද ජයග්‍රහණ අගය කළ යුතුය.මීට වසර 10 ට ඉහත 2013 දී ජාතික සූරතාවලියේ උස පැනීම ජය ගැනීමෙන් ඉනික්බිති සෞම්‍යා මධුෂානි සූරියම්පොල මෙවර යළිත් කාන්තා උස පැනීම ජය ගත්තාය.තිස් හතර හැවිරිදි ඇය දීර්ඝ කාලයක් තිස්සේ මලල ක්‍රීඩාවට පෙමින් ඒ හා බැදී සිටින 34 හැවිරිදි එක් දරු මවක්ය.ඇයට එළැඹෙන වසරේ සේවයේ නියුතු ගුවන් හමුදාවට සමුදෙන්නට වුව හැකියාව ඇති අතර ඒ අනුව ඇය අලුත් පරම්පරාවට අභියෝග කරමින් මීටර් 1.65 ක දක්ෂතාවයක් දක්වමින් ඇය ලැබූ ජය ඇයට මෙන්ම මලල ක්‍රීඩා කේෂ්ත්‍රයටද අතිශයින් වටින ජයකි.

සූරියම්පොල සිය දියණිය සමඟ

සමන්ත පුෂ්පකුමාර බ්ලැකී යන සුරතල් නමින් මලල කීඩා පිටියම වසඟයට ගත් මේ ක්‍රීඩකයා ලාංකේය කොදෙව්වට සීමා නොවුණු ජයග්‍රහණ දිනා ගත් අපූරු දුර ධාවකයෙක්ය.ඒ දක්ෂතාවලට යම් ඇගයීමක් ලබනු පිණිස ක්‍රිඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට සිය දත්ත ලබා දුන්නද පුෂ්පකුමාරට ලැබුණ දෙයක් නැත.සිය මව මරණ මංචකයේ සිටියදී පවා ඇය අසළ රැදෙමින් සිට පැමිණ තමන්ගේ ඉසව් නියෝජනයට කැප වුණ ක්‍රීඩාවට ආදරය කරන 40 හැවිරිදි පියවරම් හිමි සමන්ත පුෂ්පකුමාර සිය වයසට හැකියාව යටපත් වෙන්නට නොදෙමින් මෙවර ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 10000 ඉසව්ව ජය ගන්නට සමත් විය.මීටර් 10000 ක් වැනි ඉසව්වක් පමණක් නොව ඕනෑම ක්‍රීඩා ඉසව්වක් අවුරුදු 40 දී ජය ගැනීම දුෂ්කර වැඩකි.බ්ලැකී ඊයේ සිදු කළේ ඒ දුෂ්කර කාර්යය ය.

සමන්ත පුෂ්පකුමාර

ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව අභිබවා යමින් සහ එම වාර්තාව හිමි සුමේධ රණසිංහ තෙවැනි තැන දක්වා පහත දමමින්,හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සූරතාවලි වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ කිශොර් කුමාර් ජෙනා සමත් විය.ඔහු මීටර් 84.38 ක් දුරට හෙල්ල වීසි කරමින් එම වාර්තාව තැබූ අතර දෙවැනි තැන ලැබුවේ සිවපාල් සිං ය.ඔහු ද නියෝජනය කළේ ඉන්දියාවය.

කිශොර් කුමාර් ජෙනා

බලාපොරොත්තු සහගත දක්ෂතාවයක් ලෙස යගුලිය වීසි කිරීමේ ඉසව්වේ කණිෂ්ට වාර්ගාලාභිනිය ජාතික වාර්තාලාභිණිය පරාජය කිරීම හැදින්විය හැකිය.ඔවිනි චන්ද්‍රසේකර එම ජයග්‍රහණය වෙනුවෙන් ජාතික වාර්තාලාභිණිය පරාජය කළ පමණක් නොව ඇයගේ හොඳම දක්ෂතාවයද වාර්තා කිරීම කැපී පෙණින.මීටර් 13ත43 ක් වාර්තා කරමින් එම දස්කම සිඳු කළ ඔවිනි එම දක්ෂතාවය ඉතිහාසයේ ලාංකේය ක්‍රිඩිකාවන් පෑ හොඳම දස්කම් සළකද්දී තෙවැනි තැන රඳවන්නට සමත් වූවාය.ජාතික වාර්තාව හිමි තාරිකා මීටර් 15.25 ක් දස්කමක් දක්වා ඇත.කාලයක් ජාතික වාර්තාව රඳවා ගෙන සිටි නදීකා මුතුනායක දක්වා ඇති දක්ෂතාවය මීටර් 14.88 කි.80 දශකයේ මෙන්ම 90 දශකයේ මුල භාගයේදී නිතර කියවුණ නමක් වූ දීපිකා රොද්‍රිගෝ දක්වා තිබූ අපරිම දක්ෂතාවය වන මීටර් 13.23 ඔවිනි මේ දස්කම අභිබවා ගියාය.

ඔවිනි චන්ද්‍රසේකර

මීටර් 400 කාන්තා අවසාන තරගයට ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම ඉදිරිපත්ව සිටියි.ආබාධ තත්ත්වයන් නිසා ක්‍රිඩා පිටියේ කාලයක් ස්ථාවරව නොසිටින ජතික වාර්තා තැබූ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන නිමාලි ලියනාරච්චි මෙන්ම ඩිල්ෂි කුමාරසිංහ ද කලකට පසුව පිටියට පිවිස මේ තරගයට ඉදිරිපත්ව සිටිති.ඒ නිසා ඔවුන් දෙදෙනා යළි ඉන්දීය ක්‍රීඩිකාවන් හා ගැටෙමින් ප්‍රකෘති තත්ත්වයට පැමිණියහොත් එම තරගයද යම් ඓතිහාසික තරගයක් වීමට ඉඩ ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan