මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීම විපක්ෂ නායක සජිත් තරයේ හෙළාදකී. රාත්‍රියේම පොලිසියට ගොස් සොයාබලයි (VIDEO)

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර මහතාගේ තත්වය පිළිබඳ විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28) රාත්‍රීයේ බොරැල්ල පොලීස් ස්ථානයට පැමිණියේය.

මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු මහතාව ඊයේ පැවති විරෝධතාවයක් අතරතුරදී බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාධ්‍ය නිදහසට හා භාෂණයේ නිදහසට බාධා කරමින් සිදු කරන මෙවැනි අත්තනෝමතික මර්ධනය කිරීම් තමන් දැඩිව හෙළා දකින බවයි.

එසේම ශ්‍රී ලංකාව යනු ඒකාධිපති රටක් නොවන බව රජය සිහිතබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

ඒ අනුව මාධ්‍ය නිදහස පිළිබඳ අංශු මාත්‍රයක හෝ ගෞරවයක් ඇත්නම් වහාම තරිඳු උඩුවරගෙදර මහතාව නිදහස් කරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...