කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ගැටලු රැසක් විපක්ෂ නායකගේ මැදිහත් වීමෙන් ADBයට ඉදිරිපත් කරයි (VIDEO)

Date:

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් ඊයේ (28) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ Takafumi Kadono මහතා සමග සාකච්ඡා කරන ලදී.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයන් පිරිසකට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හමු වි තව ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබුනි. මීට පෙර දේශපාලන නියෝජිතයන් පමණක් මෙවැනි සාකච්ඡා සදහා එක්වුවත් මෙහි දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට ද තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම කැපී පෙනුනි. එහි දී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

එහි දී දීර්ඝ කාලයක් පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය ගැටලු ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයා හා සමග සෘජුවම සාකච්ඡා කිරීමට මෙම හමුවට පැමිණි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි විය. එහි දී මෙම ගැටලු වලට කඩිනම් තිරසර විසදුම් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයාගෙන් ඉල්ලා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...