*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මහතාටත් ගෙවනවද?

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ව්‍යවස්ථාපිතව පද රචනයේ,සංගීතයේ සිට වෙනස් විම සම්බන්ධයෙන් විරෝධතාවයක් නැත.ගොවියන් ගොවි ණයෙන් මැරෙන රටක,එදිනෙදා කෑම ටික රටින් ගෙන්වන්න වි ඇති රටක ගීතය විනාශයක් කර නැතත්,ගිතයේ පදවල අරුත් විනාශ කරන්න සහ බොරු කරන්න පාලකයෝ සමත්ව සිටිති.එසේම මෙම ගීතයෙන් ලංකාවේ සියලු ජනවර්ගවල සංස්කෘතික අනන්‍යතාවය සමඟ පොදු ලාංකේයත්වයේ අභිමානය විඳහා පෙන්වන තත්ත්වයක් ඇති කළ හැකිනම් එය වඩාත් උචිත විය හැකිය.

මෙවැනි තත්ත්වයක එල්පීඑල් සමාරම්භයේ ජාතික ගීයේ මාතා මහතා කිරීම වැරදි බව අප කියන්නේ ව්‍යවස්ථාපිත වරද මෙන්ම එහි ඇති වෘත්තීමය වගකීම කෙළෙසා තිබීම නිසාය.එම ගීතය ගායනා කිරීම භාර ගැනීම නොමිළේ සිඳු වූවක් නොවේය.එය භාරගත් වෘත්තීමය වගකීමකි.නොසළකා හැර ඇත්තේ එම වෘත්තිමය වගකීමය.මේ කාරණය පිටුපස අධික්ෂණයට ද බොහෝ පිරිස් සිටින්නට ඇත.ඔවුන් ද මෙයට වගකිව යුතුය.
ගැටළුවේ එක ස්වභාවයක් ලබාගත් මුදලට නිසි සේවය ලබා නොදීමය.අනිත් ස්වභාවය රටක ව්‍යවස්ථාවෙන් නියෝග කර ඇති ජාතික ගීයේ පද වරද්දා ගායනා කරමින් එහි අභිමානයට සහ ගෞරවයට හානි කිරීමය.එවැනි දෙයකට මුදල් ගෙවිම තවත් ආකාරයකින් නෛතිකවද විශාල වරදකි.

ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සහ එල්පීඑල් මෙම ගායනය වෙනුවෙන් සමාජයෙන් සිය අතපසුවීම නැතිනම් තෝරා ගැනීම සම්බන්ධයෙන් “සමාවෙන්න” කීමට තරම් නිහතමානි වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.එසේම සමාජයටම පාඩමක් වන ආකාරයට වෘත්තීමය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන අදාළ ගෙවීම් අත්හිටුවීමට හෝ එකඟ වූ සම්පූර්ණ මුදල නොගෙවා සිටීමට කටයුතු කරන්නේදැයි අපි විමසිල්ලෙන් සිටිමු.
එසේම නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශය එක්ක අධිකරණයෙන් නෛතික නොවන බවට ප්‍රකාශ කරන කාරණා වෙනුවෙන් ද පෙනි සිටින බව දකින්නට තිබියදී මෙවැනි ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වෙන උත්සව අවස්ථාවක ජාතික ගීතයේ වචන වෙනස් කර ගායනා කිරිම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි අපි බලාපොරොත්තු වෙමු.

මේ මොහොතේ මීට පෙරද වෘත්තිමය වශයෙන් ලැබෙන මුදල පදනම් කරගෙන මේ රටේ ජාතික ගීතය සාමාන්‍ය මිනිසාගෙන් දුරස් කර අයිතියට ගැනීමට සූදානම් වූ පර්ශයද සිටි බව අපි සිහිපත් කරන්නේ මෙය ශ්‍රී ලංකාවේ සිඳු වූ පළමු අවස්ථාව හෝ සිඳුවන්නට ගිය පළමු අවස්ථාව නොවන බවද සිහිපත් කරමින්ය.මෙහිදී අපට වඩා වැදගත් ගෙවන මුදල ගැන මිස වෘත්තීය වගකීම ගැන නොසිතා කටයුතු කිරීම් සෑම තැනකින්ම පාහේ අසන්නට දකින්නට ලැබෙන වටපිටාවක් මේ සම්බන්ධයෙන් හෝ සමාජයට පරමාදර්ශයක් සිදුවනු දැකීමය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan