*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

වලව කලාපයේ ගොවි ගැටලුව අද කැබිනට් මණ්ඩලයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  වලව කලාපයේ ගොවීන්ට ජලය නිකුත් කිරීමට ඇති එකම විකල්පය ගිං නිල්වලා ව්‍යාපෘති ක්‍රමය බව වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.

පවතින ගැටලුව සම්බන්ධයෙන් අද (31) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බවත්, යම් කිසි අයුරින් වගා හානියක් සිදුවහොත් වන්දි ලබාදීමට හෝ අවදානය යොමුවී ඇති බවත් වාරිමාර්ග අමාත්‍යවරයා පැවසීය.

පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 8 වන අතර, ගොවීන් පෙන්වා දෙන්නේ, ජලය ලබා දීම තවදුරටත් ප්‍රමාද කළහොත් බලපෑමට ලක්වන වී වගා බිම් ප්‍රමාණය අක්කර 65000 ක් පමණ වන බවයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකදී ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත්තේ , උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත්, දකුණු පළාතට පැය 3ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.

සිය වගාව සඳහා අවශ්‍ය ජලය ලබා දෙන්නැයි ඉල්ලා මේ දිනවල පැවැත්වෙන ගොවි උද්ඝෝෂණ සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා එම සැකච්ඡාව කැඳවා තිබූ අතර , එහිදී සමනලවැවේ සිට උඩවලව ජලාශයට දින 10 කට ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා, කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරින් සමග සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

එසේ වුවහොත් පවතින ජල මට්ටම තවත් පහළ යාම හේතුවෙන් දකුණු පළාතට පැයක සිට පැය තුනක් දක්වා විදුලි කප්පාදුවක්
කිරීමට සිදුවන බව, විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර තිබූ අතර පවතින ජල ගැටලුව හේතුවෙන් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක සහ විදුලිබල නිෂ්පාදනය අඩාලවීමෙන් රුපියල් බිලියන 1.6ක අලාභයක් සිදුවිය හැකි බවට ගණන් බලා ඇත.

සමස්තයක් ලෙස රුපියල් බිලියන 30 ක පමණ පාඩුවක් ඉන් සිදුවිය හැකි බවත් ඒ අනුව මෙම වසරේ සහල් නිෂ්පාදනයට ද දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි අමාත්‍යවරයා පවසයි.

මේ අතර වලව ගොවීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අද (31) කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ද, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන අතර වගාව සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිවීමෙන් ගොවීන් දැඩි පීඩාවකට පත්ව සිටින බවද අමාත්‍යවරයා පවසයි .

තව දුරටත් අමරවීර අමාත්‍යවරයා පැවසූවේ මෙම ගැටලුව  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු සියලු පාර්ශව දැනුවත් කිරීමට තමා කටයුතු කළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan