ඇමතිලාට පෙර සිට මෝල් : ජනතාවට පැරසිටමෝලුත් නෑ !

දිවයින පුරා ප්‍රදේශ ගණනාවක විවිධ ඖෂධ වර්ගවල හිඟයක් වාර්තා වෙමින් තිබේ. ජනතාව සාමාන්‍යයෙන් නිතර භාවිතයට ගන්නා පැරසිටමෝල් ද ඇතැම් ප්‍රදේශවල දැඩි ලෙස හිඟවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විවිධ වෙළඳනාමයන්ගෙන් යුත් පැරසිටමෝල් පෙති මෙන්ම කුඩා දරුවන්ට ලබාදෙන පැරසිටමෝල් ද්‍රාවණය ද මෙසේ හිඟ වී ඇති බව සඳහන්.

මේ තත්වය උද්ගත වී ඇත්තේ රට පුරා කොවිඩ් රැල්ලක් මෙන්ම වෛරස් උණ රෝගය ද ව්‍යාප්ත වෙමින් පවතිද්දී වීම මත තත්වය තවත් සංකීර්ණ වී තිබේ.

රටක් වශයෙන් ආර්ථික අර්බුදයකට මුහුණ දෙද්දී ඇතැම් භාණ්ඩ හිඟවීම වෙනම කාරණයකි. එහෙත් ඖෂධ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම බලධාරීන්ගේ අංක එකේ වගකීමකි.

එසේ තිබියදී අපේ ඇමතිවරුන් කරන්නේ ජනතාවට විවිධාකාරයෙන් විහිළු සපයමින් තමන්ට “පෙර සිට මෝල්” බව ප්‍රදර්ශනය කිරීම පමණක් වීම ඛේදවාචකයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...