අර්ථසාධක අරමුදල පිළිබඳ ගොනු කළ පෙත්සමක් අගෝස්තු 04 කැදවීමට නියෝගයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (02) දින අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලිය සියයට 09 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය පිළිබඳ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 04 වනදා පෙත්සම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ ,අදාළ තීරණය හේතුවෙන් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් .

පෙත්සම අද (02) මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණු අතර, මූල්‍ය විශ්ලේෂකයකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ද මේ පිළිබඳ තවත් පෙත්සමක් ගොනුකර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...