තරුණයින්ට වේදිකාව සකසා දේශපාලකයින් ඔවුන්ට සවන් දෙන සමාජ වෙනසක් කල යුතුයි – සුදත් චන්ද්‍රසේකර

Date:

අපි තරුණයන්ට කථා කරන්න වේදිකාව සකසා දේශපාලකයින් ඔවුන්ට සවන් දෙන සමාජ වෙනසක් කල යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් චන්ද්‍රසේකර පවසයි.ඔහු මේ බව සඳහන් කළේ ජූලි 29 වන දින පැවති මින්නෙරිය මැතිවරණ කොට්ඨාශ බල මණ්ඩල රැස්වීම අමතමින්ය.
හිගුරග්ගොඩ තාරකා මණ්ඩපයේ දි, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ, එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් චන්ද්‍රසේකර, හිටපු අමාත්‍යවරුන් වන පී. හැරිසන් සහ චන්ද්‍රසිරි සූරියආරච්චි මහත්වරුන්ගේ සහ මින්නේරිය මැතිවරණ කොට්ඨාශ වැඩ බලන සන්විධායක දිමුත් සංජීව මහත්වරුන්ගේ ප්‍රධානත්වෙයන් එම බල මණ්ඩල රැස්වීම පැවත්විණි.

එහිදී තව දුරටත් අදහස් දැක් වූ සුදත් චන්ද්‍රසේකර,අප සියඵ දෙනාම දැන් අපේ අනාගතය, රටේ අනාගතය ගැන බුද්ධිමත්ව සිතා තීරණයක් ගතයුතු කාලයකයි ජීවත්වන්නේ. අපට තව දුරටත් පටු දේශපාලන අරමුණු වලට වහල් වෙලා කථා කර කර ඉන්න කාලයක් නැහැ, අපේ අනාගතය, රටේ අනාගතය වෙනුවෙන් වෙනසක් කලයුතු කාලයකයි අපි දැන් ඉන්නේ. ඒ වෙනස සම්ප්‍රදායික නොවන වෙනසක් විය යුතුයි. අවුරුද්දකට ලක්ෂ පහක පමණ තරුණ පිරිසක් රැකියා විරහිත කණ්ඩායමට එකතු වෙනවා. එම නිසා අපේ ආර්ථිකය ඉක්මන් වූ විශාල වෙනසකට යොමුකල හැකි ජාතික නායකයෙකු අවශ්‍යතාවය අප සැමට දැනෙනවා. එසේ නොවුනොත් මේ රටේ ඇතිවෙන ලොකුම අරගලය ඉදිරියේදි ඇති වෙන එක ස්ථිරයි යනුවෙන් පැවසීය.
“අපේ අත්දැකීම් අණුව අපි 1971, 1987, ජේ.වී.පි. කැරැල්ල, එල්.ටී.ටී යුද්ධය, සුනාමිය, සහ පසුගිය අවුරුද්දේ අරගලයටත් මුහුණ දුන්නා. මේ හැම එකකින්ම දරුණුම යුද්ධය තමයි අප මුහුණ දෙමින් සිටින ආර්ථික යුද්ධය. පසුගිය අවුරුද්දේ තිබුන ආණ්ඩුවමයි තවම තියෙන්නේ, නමුත් එක දෙයයි වෙනස් වුනේ. ජනාධිපති විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වුන එක විතරයි විශේෂ සිදුවීමක් විදියට සිද්ධ වුනේ. එහෙනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියාවෙන් ආර්ථික යුද්ධයෙන් ලංකාව බේරගත හැකි නායකයා කියලා ඔප්පු කරලම පෙන්නලා තියෙනවා” යනුවෙන් පැවසූ සුදත් චන්ද්‍රසේකර, මේ රටේ තරුණයන්ගේ අනාගතය ගැන සිතලා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස තරුණයන් වෙනුවෙන් විශාල සේවයක් කල එතුමා වර්තමාන තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් ඉතිහාසයේ කිසිවකුත් නොකල වැඩ කොටසක් සිදුකර තරුණයන්ට රට භාරදෙන එකම නායකයා වන බවත්,තමා විශ්වාස කරන බව පවසමින් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් චන්ද්‍රසේකර පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...