සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජන තාවකාලිකව අත්හිටුවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසූවේ .

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතව තිබුණු අතර වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී පැවසු බවත් කුමුදේශ් මහතා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...