වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ආචාර්ය කිරිවන්දෙණිය

Date:

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පත්කර තිබේ.

ඒ මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5ක කාලයක් සඳහා එම ධුරයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

පී. ඒ. කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය.

සමූපකාර හා මූල්‍ය ක්ෂේත්‍රයේ විදවතෙකු වන ඒ මහතා මීට පෙර ජාත්‍යන්තර සමූපකාර හා අන්‍යෝන්‍ය රක්ෂණ සම්මේලනයේ සභාපති, ආසියානු ණය සමිති සම්මේලනයේ සභාපති, මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ, ජාතික සමූපකාර කළමනාකරණ ආයතනයේ සභාපති සහ ජාතික සමූපකාර සභාවේ සභාපති යනාදී වශයෙන් දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක තනතුරු හොබවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...