සිරියාවේ භූමිකම්පාවෙන් උපන් අෆ්රා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සිරියාවේ භූමිකම්පාවකින් කඩාවැටුණු ගොඩනැඟිල්ලක් යට පෙබරවාරි මාසේ උපත ලැබූ අෆ්රා බේරාගැනීමේ වීඩියෝවක් බොහෝ දෙනාගේ අවධානයට ලක්වූවා.

මාස 6කට පසු දැරියගේ නැන්දා සහ මාමා ඔවුන්ගේ දරුවන් හත් දෙනා සමඟ ඇයව ඉතා ආදරෙන්  ඇති දැඩි කරනවා.

පුංචි අෆ්රාගේ මාමා ඔවුන්ගේ දරුවන්ට සේම අෆ්රාටද මහත් සෙනෙහසක් දක්වනවා. ඔහු පුංචි අෆ්රා සුන්බුන් අතරින් හමුවූ මොහොත සහ අෆ්රා ට ජීවිතය දුන් හැටි පවසන්නේ මෙවන් අදහසක්.

” මම මගේ දෑතින් සුන්බුන් ඉවත් කරමින් සිටියා.එතකොට මට කටහඬක් ඇහුනා මම සතුටු වුණා මම හිතුවේ ඇය ජීවතුන් අතර කියලා.

දිගටම සුන්බුන් ඉවත් කලා එතන හිටියෙ පුංචි අෆ්රා . ඇය ඒ වන විටත් ඇගේ මවට පෙකනි වැලෙන් සම්බන්ධ වෙලයි හිටියේ.

අෆ්රාගෙ මව භූමිකම්පාවෙන් මිය ගියා. මුල ඉඳලම මම එයාට අෆ්රා කියන නම දැම්මේ එයාගේ අම්මගේ නමින්. දින කීපයකට පසු මගේ බිරිඳ ද දරුවකු ප්‍රසූත කළා. එයාට ආටා කියලා නම දැම්මා ඒක භූමිකම්පාවෙන් මියගිය ඇන්ටි කෙනෙක්ගෙ නමක්.

ඒ වගේම අපි අෆ්රට එයාගෙ අම්මගෙ නම දැම්මා. අෆ්රා ගේ පියාට සහ සහෝදර සහෝදරියන්ටත්  ජීවිතය අහිමි වුණා. ඇයට රැකවරණය දෙන්න දහස් ගණනක් ඉදිරිපත් වුණා. ඩීඑන්ඒ පරීක්ෂණයකින්නක් අෆ්රාගේ නැන්දා ඇගේ ලේ ඥාතියෙකු බව තහවුරු වුණා. අපි අෆ්රාගේ නෑදෑ කම තහවුරු කළාම එයා ව අපිට බාර දුන්නා. මගේ නිවසට හානිවු නිසා මම කඳවුරකට ගියා. අපි මාස දෙකක් විතර එතන හිටියා. මෑතකදී අපි කුලියට මේ ගෙදරට ආවා උණුසුම දරාගන්න බැරි නිසා ඉදිරි මාස කීපය අපිට මෙහෙ ඉන්න වෙනවා.

බලිල් පවසන්නේ තමාට සහ පවුලේ අයට සිරියාවෙන් පිටවීමට උදව් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළ බවයි.

අපිට emirates එකට යවන්න පුළුවන් කියලා  එන්න කියලා කිව්වා. මම ඒක ප්‍රතික්ෂේප කළා ඔවුන් අෆ්රාව අපෙන් ඈත් කරයි කියලා මම බය වුණා.

දැන් එයා අපේම දරුවෙක් මම ඇයට මගේ දරුවන්ටත් වඩා හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා” 

ලෙසින් අෆ්රා නම් කුඩා දැරියගේ මාමා කියා සිටියේ.

තොරතුරු  – BBC සිංහල

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...