මම බැඳලා දෙවැනි බබාත් හම්බෙනවා තව දවස් ගාණකින්. දැන් තමයි ලයිට් බිලක් ගැන කියන්නේ – නාමල් (VIDEO)

Date:

සිය විවාහ උත්සවයට අදාළව විදුලි බිලක් තමන්ගේ හෝ තම පියාගේ නමට මෙතෙක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මං දැක්කා ඊයෙ දිනයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මිහින්තලේ විදුලි බිල ගෙවලා තියෙනවා. මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒක හොඳ වැඩක්. අපි දේශපාලනික වශයෙන් දෙපැත්තේ හිටියත් හොඳ දේ අපි අගය කරන්න ඕනෙ.

හැබැයි අනිත් පැත්තෙන් මං දැක්කා මගේ මඟුල් ගෙදර විදුලි බිලක් පෙන්නලා ඒ නිව්ස් එක යටගහනවා. මේ දැන් මං බැඳලා අවුරුදු පහකටත් ළඟයි. දැන් දෙවනි බබාත් හම්බුවෙනවා තව දවස් ගාණකින්. මේ දැන් තමයි විදුලි බිලක් ගැන කියන්නෙ. මම මගේ ලේකම්වරයා හරහා විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමුකරා. අද වෙනකල් මටවත් මගේ තාත්තාගෙ නමටවත් විදුලි බිලක් ඇවිල්ලා නෑ. එහෙම එකක් තියෙනවා නම් එක එක අයගේ නම්වලට යවන්නෙ නැතුව ඒක අපට එවන්න, එතකොට අපි ඒක ගෙවන්නම්. එතකොට අද මේ විදුලි බිල ගැන කතා කරන අය එදා කිව්වේ මට ඩොලර් බිලියන 18ක් තියෙනවා කියලා. ලැම්බෝගිනි 16ක් තියෙනවා කිව්වා. රත්තරං අස්පයෙක් ඉන්නවා කිව්වා. උගන්ඩාවට සල්ලි යැව්වායි කිව්වා. ඉති එහෙම කියපු මට මේ විදුලි බිල ගෙවන එක ප්‍රශ්නයක් නෑනෙ, නේද ?

ඒ හින්දා එහෙම විදුලි බිලක් තියෙනවා නම් එක එක අයගේ නම්වලට යවන්නෙ නැතුව, මගේ නමට ඒක හරවලා, අපේ ගෙදරට එවන්න. එහෙම නැත්නම් තුන්වෙනි දරුවා හම්බුවෙනකොටත් ඔය බිල ආයෙ වේදිකාවට එයි, ඒක හරි නෑනෙ. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන්නේ. අපට අවශ්‍ය නෑ මඩ ගහන්න. තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට මඩ ගැහුවා කියලා තවත් කෙනෙක්ගේ බඩ පිරෙන්නෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...