ලීසිං සමාගම් වලට රතු නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ලීසිං සමාගම් විසින් මෙහෙයවන පිරිස් විසින් වාරික ගෙවීම් ප්‍රමාද වූ විට, බලහත්කාරයෙන් වාහන පැහැරගෙන ගියහොත් එහිදී , කොල්ලකෑම නමැති චෝදනාව යටතේ විමර්ශන සිදුකළ හැකි බවයි  වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ .

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ වාරික නොගෙවූ රථවාහන ඇත්නම් ලිසිං සමාගම් විසින් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවය.

“යම් සමාගමක් වාහනයක් අත්පත් කරගැනීමට අදහස් කරන්නේ නම් ඔවුන්ට හැකියාව තිබෙනවා ඒ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිව මේ පිළිබඳ දැනුම්වත් කරන්න. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ලබාදීම සිදුකරනවා. ඒ පොලිස් නිලධාරීන්ව ලබා දෙන්නේ එම ක්‍රියාවලියේ දී යම් සාමය කඩවීමක් සිදුවෙනවා නම් සාමය ආරක්ෂා කිරීම සඳහායි. මීට මාස කිහිපයකට පෙර මහනුවර නගරයේ දී එක්තරා රියදුරෙක්ව වාහන අත්පත්කර ගන්නා පුද්ගලයින් කිහිපදෙනෙක් විසින් ඒ රියදුරුව අල්ලගෙන ඔහුට  පහරදීලා කාර් රථයේ යතුර බවට සැක කෙරෙන යතුරකුත් අරගෙන ඉන් පසුව වාහනය රැගෙන යනවා. අපිට සිද්ධ වුණා මේ වන විට එම පුද්ගලයින්ට එරෙහිව කොල්ලකෑම කියන වරද යටතේ විමර්ශන සිදුකරන්න.”

ලීසිං සමාගම් තවමත් අසාධාරණ ලෙස වාරික අයකරන බවට සහ එලෙස වාරික ගෙවීම් ප්‍රමාද වූ විට තම වාහන බලහත්කාරයෙන් රැගෙන යන බවත්  මේ සම්බන්ධයෙන්  පැවති මාධ්‍ය හමුවකදී ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කළා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන කථානායකගේ තීරණය අද

සටහන - රුවන් නෙළුගොල්ල ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල්...

හෙට වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැති, දැනෙන්නෙත් නැති සමාජයක් ….

පොදුවේ ගත්තම ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නෙ අවබොධයකින්, කල්පනාවකින් නෙමේ.. අපේ...

අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය...

නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...