නියඟය නිසා දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටළුව උග්‍ර වෙයි!

Date:

කොළඹ LNW:පවතින නියං කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12ක් උග්‍ර පානීය ජල ප්‍රශ්නයට මුහුණ දී සිටින අතර එම දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ට බවුසර් මඟින් ජලය බෙදාහරිමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.

ඒ ,පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (07) මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

මෙමඟින් පවුල් 48000ක් පමණ පීඩාවට පත්ව සිටින බවයි රණසිංහ මහතා සඳහන් කළේ.

”වෙනත් වසරවල වගේම මේ වසරේත් නියගය ඇවිත්. විෂයන් භාර අමාත්‍යාංශ මගින් අවශ්‍ය කටයුතු කරනවා. මේ වනවිට පානීය ජලය දිස්ත්‍රික්ක 12ක ප්‍රශ්නයක් තියෙනවා. දිස්ත්‍රික්ක 12ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 40ක බවුසර් මගින් ජලය බෙදාහරිනවා.පවුල් 48000 ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්වෙලා. පුද්ගලයින් 156000ට ආසන්න ප්‍රමාණයකට පානීය ජලය බෙදාහැරීම සිදුකරනවා. කාලගුණයෙන් ලබාදෙන තොරතුරු අනුව යහපත්වේවි කියල හිතනවා. මේ අය සෑම වසරකම පානීය ජලය ලබාගන්නා අය. නල ජලය ලැබන අයගෙන් ඉල්ලීම් ඇවිත් නෑ. අපගෙන් කල ඉල්ලීමට අනුව තංගල්ල රෝහලටත් විශේශ ව්‍යාපෘතියක් ලෙස පානීය ජලය ලබාදෙනවා. ඉල්ලීම් කරන ඕන තැනකට පානීය ජලය බෙදාහරිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...