රාහුල් ගාන්ධි නැවතත් පාර්ලිමේන්තුවට.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දීය පාර්ලිමේන්තුවට නැවතත්  රාහුල් ගාන්ධි මහතා ඔහුගේ ආසනය වන Wayanad නියෝජනය කරමින් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුගේ සාමාජිකත්වය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව, හෙට(08) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ ප්‍රධාන ලෙස අදහස් දක්වනු ඇති බවද සඳහන් වේ.

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව සාපරාධී අපහාස නඩුවකට වරදකරු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා දින දෙකකට පසු යළිත් ඔහුට මන්ත්‍රී ධූරය හිමිවූ බවයි පැවසේ.

2019 මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන රාහුල් ගාන්ධි පළ කළ අදහස් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබූ නමුත් , රාහුල් ගාන්ධිට ලබන වසරේ මහ මැතිවරණයට ද ඉදිරිපත් විය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ගාන්ධි මහතා දකුණු කේරළ ප්‍රාන්තයේ Wayanad ප්‍රදේශයේ කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයෙක්ද වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...