බ්‍රසීල ජනාධිපති ලූලා ඇමසන් පිළිබඳ සුබ සිහින දකියි

Date:

ඊයේ (08) දින පැවැති ඇමසන් සහයෝගිතා ගිවිසුම් සංවිධානයට සම්බන්ධ වෙමින් දේශගුණයට එරෙහි සටනේ ප්‍රධාන ක්‍රීඩකයෙකු වන බ්‍රසීලියානු වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ප්‍රචණ්ඩත්වය, ආර්ථික කොල්ලකෑම් සහ පාරිසරික විනාශයන්ගෙන් ඇමසන් ඉවත් කර නව ඇමසන් සිහිනයක් පිළිබඳව ප්‍රතිඥාවක් ඉදිරිපත් කර තිබිණි.

බ්‍රසීලියානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබුණේ, ඔහුගේ පූර්වගාමියා වූ ජායිර් බොල්සොනාරෝ යටතේ සිදු වූ පාරිසරික හානිය හා වන විනාශය මේ වන විට 60%කින් අඩුවී ඇති බවත් ඇමසන් වැසි වනාන්තරය රැක ගැනීම පාරිසරික ආරක්ෂණයත්, තාක්ෂණික නවොත්පාදනයත් සමඟ සිදු කිරීමට තමා සැලසුම් කරන බවයි.

සමුළුව සඳහා සෙසු ඇමසන් රාජ්‍යයන් වන බොලිවියාව, කොලොම්බියාව සහ පේරු හි ජනාධිපතිවරුන් මෙන්ම ගයනාවේ අගමැති සහ වෙනිසියුලාවේ උප ජනාධිපති ද ඇතුළත් වූ අතර මෙහිදී 2030 වන විට වනාන්තර විනාශය ශුන්‍ය කිරීමට ඔවුන් ප්‍රතිඥා දෙනු ලැබීය.

මෙහිදී ඇමසන් වනාන්තරයෙන් 11% ක පමණ කලාපයක් හිමි පේරු හි ජනාධිපති ඩිනා බොලුආර්ටේ ප්‍රකාශ කර තිබුණේ ඇමසන් යනු ලෝකයේ පෙනහළු පමණක් නොව – එය ලෝකයේ හදවතවන බවත් දැන් බලා සිටීමට කාලයක් නොමැති බවත් වහාම ක්‍රියාත්මක වීම ඇරඹිය යුතු බවත්ය.

සශිකලා මධුෂාණී_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...