ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්වයට වසර 70ක්

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජතාන්ත්‍රික සබඳතා වලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වසර පුරා වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරේ.

මෙරට ජපාන තානාපති කාර්‍යාලය සහ ඒකාබද්ධව එය ක්‍රියාත්මක වේ. දෙරටෙහි සබඳතා ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වන පරිදි එම කටයුතු සංවිධානය කර ඇත .ඉදිරියේ දී ජපානයේ ක්ෂේත්‍ර 14 ක රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් හට රැකියා අවස්ථා උදා වේ

1965 සිට බලන කල ඇමරිකානු ඩොලර් බිලියන 08 කට වැඩි ප්‍රමාණයක් ජපානය සහන ණය අප රටට ලබා දී ඇත. තවද බිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් ජපන් ආධාර ලැබී ඇත.

විශේෂයෙන් රූපවාහිනී සංස්ථාව , තරුණ සේවා සභාව , ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි දෑ ජපන් ආධාර මත ඉදිවී ඇත

මෙම වසර 70 ක කාලය තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සබඳතා පමණක් නොව පුද්ගල මට්ටමින් ද විවිධ වැදගත් දෑ රාශියක් සිදු කර ඇත. එනම් ජපන් භාෂාව විෂයක් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේද ආරම්භ කර ඇත.

මෙසේ වසර 70 ක් පුරා ජපානය සමග ඉතාමත් සාර්ථක සබඳතාවයක් පවත්වාගෙන ඉදිරියට පැමිණ ඇති රජය, ඉදිරියට ද ජපානය සමඟ සුහදත්වය ආරක්ෂා වන පරිදි ඉතාමත් සහයෝගයෙන් වැඩකරනු ඇත. ජපන් රජය මේ දක්වා අප ශ්‍රී ලංකාව වෙනුවෙන් කර ඇති සියලු සත්කාර වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් හදවතින්ම කෘතඥතාව පිරිනමමු …!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...