IMF  පිළිබඳ අලුත්ම කතාව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැප්තැම්බර් මසදී , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරනු ලබන පළමු සමාලෝචනය සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

ඔහු කියා සිටියේ,  මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබාගැනීමට හැකියාව ඇති බවයි.

“IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යතුමා සම්බන්ධ වෙලා කරන සමාලෝචනයක්.”

“අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා.”

“අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...