සචිත්‍රට රට යන්න තහනම්

Date:

ඩුබායි හී සිට ශ්‍රී ලංකාවේ පැවත්වෙමින් පවතින එල්පීඑල් තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට තරග පාවාදීම් සඳහා පෙළඹවීම් කළ බවට අයිසීසී හරහා චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානයකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින (අගොස්තු 14) විදේශ ගමන් තහනමක් පනවන්නට ක්‍රියා කළේය.විදෙස් ගමන් තහනමක් පනවමින් ප්‍රමාණවත් සාක්ෂි සහිතව තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති කාර්යාලය ඊයේ (13) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී තිබේ.
ඔහු විසින් එසේ යෝජනා කරන ලද ක්‍රීඩකයින් අතර පන්දු යැවීමේ විශේෂ අනන්‍යතාවයක් ඇති ක්‍රීඩකයෙකුද සිටින බව වාර්තා වන අතර ඔහුව සචිත්‍ර විසින් තරග පාවාදීම් සඳහා පොළඹවා ගැනීමට කළ උත්සාහය එම ක්‍රීඩකයාගේ යහපත පිණිස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දත්ත සමඟ වාර්තා කරන ලෙස යෝජනා කළ ඇත්තේ ද ශ්‍රී ලංකාව නියෝජනය කළ පන්දු යැවීමේ දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු බවට ද ක්‍රිකට් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පැතිර යමින් තිබේ.
සේනානායක ඩුබායි හී සිට මේ යෝජනාව සිඳු කරන අවස්ථාවේ 2020 එල්පීඑල් තරගාවලිය එම වසරේ නොවැම්බර් 27 සිට දෙසැම්බර් 17 දක්වා හම්බන්තොටදී පැවැත්වෙමන් තිබුණ බව ද වාර්තා වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...